’’මහණෙනි, තොපට ධර්මයද, අධර්මයද දෙසන්නෙමි. එය හොඳින් අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.’’
’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.’’
’’මහණෙනි, අධර්මය කෙසේද?
- සතුන් මැරීම,
- හොරකම,
- කාමයන්හි වැරදි හැසිරීම,
- බොරුකීම,
- කේළාම් කීම,
- ඵරුෂ වචන කීම,
- හිස් වචන කීම,
- දැඩි ලෝභකම,
- ක්‍රෝධය,
වැරදි දැකීමයි. මහණෙනි, මෙය අධර්මයයි කියනු ලැබේ.’’
’’මහණෙනි, ධර්මය යනු කුමක්ද?
- සතුන් මැරීමෙන් වෙන්වීම, සියළු සතුන් කෙරෙහි කරුණාව දැක්වීම
- හොරකමින් වෙන්වීම, අන් සතුදේ නොගැනීම,
- කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම,
- බොරුකීමෙන් වෙන්වීම, සත්‍යම දෙඩීම
- කේළාම් කීමෙන් වෙන්වීම, අනුන් සමගි කරන වචන පාවිච්චිය
- ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, අසන්නාගේ සිත් නොතැලෙන නොපැරෙන සේ කතා කිරීම
- තමනට , අනුනට අර්ථයක් නොවන හිස් වචන කීමෙන් වෙන්වීම,
- අන් සතු දේ මට වේවායි අනේ මට තිබුනානම් හොඳයැයි නොසිතීම
- සිතේ අසන්ත්රුප්තිය දුරලා සතුටින් සිටීම ,
- නිවැරදි දැකීමයි.
මහණෙනි, මෙය ධර්මයයි කියනු ලැබේ.’’