AN 10-2-10 ගිරිමානන්ද සුත්‍රය

සුත්‍ර සජ්ජායනය අසන්න CLIK BELOW

 

එක් කාලයෙක භාග්‍යවතුන්  වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි  ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. 

එවිට  ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ,  එකත්පසෙක සිට මෙසේ දැන්වුහ.

 ’’ස්වාමීනි, ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිර තෙම ලෙඩවූයේ, දුකට පත්වූයේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ගිරිමානන්දි ස්ථවිරයන්ට අනුකම්පා උපදවා එහි වඩිත්වා’’ යි කීහ.
“ආනන්දය, ඉදින් ඔබ ගිරිමානන්ද භික්ෂුව වෙත ගොස්,  මා දේශනා කරන 
මේ දස සංඥාව දේශනා කරන්නේ නම් මැනවි.  ගිරිමානන්ද භික්ෂු්ව මේ දස සඥාව මනසිකාර කරන්නේ නම් ඔහුගේ කායික ආබාධයෙන් ඔහු ඉක්මනින් මිදෙන්නට පිළිවන’යි වදාළ සේක.

’’කවර සඥා දසයක්ද යත්?

  1. අනිත්‍ය සඥාව- රුපය, වේදනාව, සංඥාව. සංකාර, විඥ්ඥානය අනිත්‍ය ලෙස බැලිය යුතුය.
  2. ආනාත්ම සඥාව-  ඇස ආනාත්මයි (ඇසට අයිති කාරයෙක් නැතා, රුපය ආනාත්මයි. මෙලෙස අබ්‍යන්තර හා බාහිර ආයතන ආනාත්ම ලෙස (ආයිති කාරයෙක් නැති ලෙස ) බැලිය යුතුය.
  3. අසුබ සඥා – ශරිරය  අසුබ ලෙස බැලිය යුතුය.
  4. ආදීනව සඥා- ශරිරය ලෙඩවීම, සීතල, බඩගින්න, පිපසය, මලපහ කීරීම, වැනිදේ ශරීරයට ඇති ආදීනවයයි.
  5. පහාන සඥා – මේකෙන් ගැලවෙන්න ඔන නම් මෙලෙස කිරිය යුතුයි. ප්‍රහානය කිරිමට නම් උපන්නාවු කර්ම විතර්කය නොපිලි ගත යුතුයි, බැහැර කිරිය යුතුයි, දුරු කිරිය යුතුයි, කවදාවත් ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි. උපන් ව්‍යාපාද හා වීහිංසා විතර්කයන්ටද මෙලෙස කල යුතුයි.
  6. වීරාග සඥා- මෙයයි ප්‍රනීත, මෙයයි ශාන්ත. පුන්ඥාබි, අපුන්ඥාබි, ආනින්ජව සංස්කාර, මේ සංස්කාර් සන්සිදී ගිය සියලු කෙලෙස් සහිත කර්ම්, බැහැරවී ගිය තන්හාව ක්ෂයවීම, නිරුද්දවීම නම්වු, විරාගය නම්වු, නිවන සිහි කිරිම. මෙය සාමාදියක්. (මෙය ඵල සාමාප්තියකී. මෙය ආනාගාමි කෙනෙකුට සම වැදිය හැක්කේ.) මෙතන සංඥ්ඥාවක් ඇත. එහි ධාතු ඇසුරු කර නැත. ආයතන ඇසුරු කර නැත. මෙලව පරලව ඇසුරු කර නැත.
  7. නීරෝධ සඥා – මෙයයි ප්‍රනීත, මෙයයි ශාන්ත. පුන්ඥාබි, අපුන්ඥාබි, ආනින්ජව සංස්කාර, මේ සංස්කාර් සන්සිදී ගිය සියලු කෙලෙස් සහිත කර්ම්, බැහැරවී ගිය තන්හාව ක්ෂයවීම, නිරුද්දවීම නම්වු නිවන.
  8. සබ්බලෝකේ අනබිරත සඥා- සැම ලෝකයක්ම ආසාවක් නැති ලෙස දකිනවා, පුරුදු කරණවා. මෙහි ලෝකය යනු උපාදානස්කන්ද ලෝකය්යි.
  9. සබ්බ සංකාරේසු අනිච්ච සඥා- සියලු සංස්කාර ගැන අනිත්‍ය සංඥා. සියලු සංස්කාර ගැන (හේතු නිසා හටගත් දේ ගැන ) අප්පිරියාවක්, හිරිකිත බවක් හා පිලිකුලක් ඇතිකර ගන්නවා.
  10. ආනාපාන සති – ආනාපානසතිය කෙරෙහි සිහිය පිහිටීමය හැකි කෙනාට පමනයි ආනාපාන සතිය වැඩිය හැක්කේ

යන දසයයි.

’’ආනන්දය, අනිත්‍ය සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණකු වනයකට ගියේ හෝ, රුකක් මුලකට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ රූපය අනිත්‍යය , වේදනාව අනිත්‍යය , සංඥාව අනිත්‍යය , සංස්කාරය අනිත්‍යය, විඤ්ඤාණය අනිත්‍යය යයි, මෙසේ ප්‍රත්‍ය වෙක්ෂා (නුවණින් බැලීම) කරයි. ’මෙසේ මේ මාගේය’ යි ඇලීම ඇතිකර ගත් ධර්ම පස කෙරෙහි අනිත්‍යය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනිත්‍යය සංඥාවය.

’’ආනන්දය, අනාත්ම සංඥාව කවරේද?
ආනන්දයය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ ඇස අනාත්මය, රූපය අනාත්මය, කණ අනාත්මය, ශබ්දය අනාත්මය, නාසය අනාත්මය, ගඳ සුවඳ අනාත්මය, දිව අනාත්මය, රසය අනාත්මය, ශරීරය අනාත්මය, ස්පර්ශසය අනාත්මය, සිත අනාත්මය, සිතට වැටහෙන දෙය අනාත්මයයි මෙසේ කල්පනා කරයි. මෙසේ තමා තුළ පිහිටියාවූද, බැහැර සිටියාවුද, සසර දික් කරණ ධර්මමයන් කෙරෙහි අනාත්මය අනුව බලමින් වාසය කරයි. ආනන්දය, මේ අනාත්ම සංඥාවයයි කියනු ලැබේ.

’’ආනන්දාය, අසුභ සංඥාව කවරේද?
ආනන්ද ය, මේ ශාසනයෙහි මහණතෙම දෙපතුලින් ඉහලින්වූ කෙශයන්ගෙන් පහලින් වූ,  සමින් සිරවී පවතින්නාවූ මේ ශරීරයේ  කෙ
ස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩුව, හෘදය, අක්මාව, දළබුව, බඩදිව, පපුමස, බඩවැල, අතුනුබහන්, නොපැසුනු අහර, අශූචි, පිත, සෙම, සැරව, ලෙය, ඩහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, ඇට මිදුළු, මූත්රි යන මේ නානා ප්‍රකාර අශූචිත් ප්රලත්යෙවෙක්ෂාු කරයි. ආනන්දපය, මේ අශුභ සංඥායයි කියනු ලැබේ.

’’ආනන්දය, ආදීනව සඥාව (දෝෂ දක්නා සංඥාව) කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, මේ ශරීරය බොහෝ දුක්ය, බොහෝ දෝෂය, මෙසේ මේ ශරීරයෙහි යම් සේ ඇස් රෝගය, කන් රෝගය, නාසා රෝගය, දිවේ රෝගය, ශරීරයෙහි රෝගය, හිසේ රෝගය, කර්ණද රෝගය, කටේ රෝගය, දත් රෝගය, කාශය, ස්වාසය, පීනසය, ඩහදිය, ජරාව, ඛණ්ඩ රෝගය, මූර්ච්ඡාව, අතීසාරය, ශූලය, කොලරා රෝගය, කුෂ්ට, ගෙඩි, ලාදුරු, ක්ෂ ය, අපස්මාරය, දද, කැසීම, කුෂ්ටය, රඛසා කුෂ්ටය, රත්පිතය, දියවැඩියාව, පක්ෂාීඝාත රෝගය, පිළිකා, භග අතරෙහි එන ගෙඩිය, පිතින් උපන් ලෙඩය, සෙමින් උපන් ලෙඩය, වාතයෙන් උපන් ලෙඩය, තුන් දොස් කිපීමෙන් උපන් ලෙඩය, ඎතු විපර්යාය සයෙන් උපන් ලෙඩය, වෙනස් පැවැත්මෙන් උපන් ලෙඩය, උපක්රෙමයෙන් උපන් ලෙඩය, කර්ම‍ විපාකයෙන් උපන් ලෙඩය, සීතය, උෂ්ණය, බඩගින්නය, පිපාසය, මලය, මූත්රනය, යන නානා ප්රිකාර ලෙඩ උපදිත්. මෙසේ මේ ශරීරයෙහි දොෂය අනුව බලන සුලුව වාසය කරයි. ආනන්දනය, මේ ආදිනව සංඥායයි කියනු ලැබේ.

’’ආනන්දය, පහාන සඥාව (දුරු කරණ සංඥාව) කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් අකමැති  සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්ම්යන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්දාය, මේ දුරුකරණ  (ආදීනව)
සංඥායයි කියනු ලැබේ.

’’ආනන්දය, (නොඇලෙන) විරාග සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, රුකක් මුලට ගියේ හෝ, හිස් ගෙයකට ගියේ හෝ, යම් මේ සියලු සංස්කාරයන්ගේ මැඩ පැවැත්මක් වේද, සියලු තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරු කිරීමක් වේද, තෘෂ්ණාවගේ ක්ෂය කිරීමක් වේද, නොඇලීමක් වේද, නිරුද්ධිෂයක් වේද, නිර්වා්ණයක් වේද, මෙය ශාන්තය, මෙය පූර්ණියයි, මෙසේ කල්පනා කරයි. ආනන්ද ය, මේ නොඇලෙන සංඥාවයයි කියනු ලැබේ.

’’ආනන්දයය, නිරොධ සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයට ගියේ හෝ, ගසක් යටට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, යම් මේ සියළු සංස්කාරයන්ගේ සන්සිඳීමක් වේද, තෘෂ්ණාදී කෙළෙසුන්ගේ දුරුකිරීමක් වේද, සියලු තෘෂ්ණාවගේ ක්ෂ ය වීමක් වේද, නිරුද්ධි,යක් වේද, නිවීමක් වේද, මේ නිවණ ශාන්තය, මේ නිවණ ප්රණීතයයි මෙසේ කල්පනා කරයි. ආනන්දයය, මෙය නිරොධ සංඥායයි කියනු ලැබේ.

’’ආනන්ද ය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම යමක් ලෝකයෙහි පිළිවෙළින් දැඩි සේ ගන්නා, සිතට වැටහෙන, වැද ගන්නා, ඇතුළත රැදී සයනය කරණ, යම් ක්ලේශයන් වෙත්ද, ඔවුන් නොගනිමින්, දුරු කරමින් නොඇලෙයි. ආනන්ද ය, මේ සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව වේ.

’’ආනන්දවය, සියලු සංස්කාරයන්හි අනිත්ය සංඥාව කවරීද?
ආනන්ද ය, මේ ශාසනයෙහි මහණතෙම සියලු සංස්කාරයන් පෙළයි. ගරහයි. පිළිකුල් කෙරෙයි. ආනන්ද ය, මේ සියලු සංස්කාරය්හි අනිත්ය සංඥායයි කියනු ලැබේ.

’’ආනන්දය, ආනාපාන සතිය කවරේද?
ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි. සිහි ඇතිව ප්රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්ඝමව ආශ්වාස කරන්නේ, දිර්ඝිව ආශ්වාස කරමියි දනියි. දීර්ඝව ප්රශ්වාස කරන්නේ, දීර්ඝ ව ප්රාශ්වාස කරමියි දනියි. කෙටි ව (කොටට) ආශ්වාස කරන්නේ, කෙටිව ආශ්වාස කරමියි දනියි. කෙටිව ප්රශ්වාස කරන්නේ, කෙටිව ප්රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්රශ්වාස සමූහය දන්නේ ප්රිශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්රිරයා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්ර‍ශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්ර්ශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්රනශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්රේශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්රශශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්රනශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්රතශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්ර ශ්වාස කරමියි හික්මෙයි. අනිත්යතය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්යමය අනුව දක්නේ ප්රුශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්රකශ්වාස කරමියි හික්මෙයි. නිරුද්ධි ය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්ධිනය අනුව දක්නේ ප්ර ශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්ර ශ්වාස කරමියි හික්මෙයි. ආනන්දුය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.

’’ආනන්දයය, ඉදින් ඔබ ගිරිමානන්ද මහණතෙම වෙත එළඹ මේ දස සංඥාවන් කියන්නේ,  මේ දස සංඥාවන් අසා ඒ දස සඥා වඩමින් මනස වඩන්නේ ගිරිමානන්ද භික්ෂුවගේ ඒ ලෙඩය ක්‍රමයෙන් යටපත් වන්නේය යන  කරුණ විද්යනමාන වේ.’’

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද් ස්ථවිරයන් වහන්සේ භාග්ය‍වතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥාවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද‍ ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, ආයුෂ්මත් ගිරිමානන්දා ස්ථවිරයන්ට මේ දස සංඥාවන් දේශනා කල සේක.  ඉක්බිති ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන්ට මේ දස සංඥාවන් වඩා ඒ ආබාධය ක්රමයෙන් සංසිඳුනේය. ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ඒ ආබාධයෙන්නැගී සිටි සේක. ආයුෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන්ගේ ඒ රෝගය එසේම ප්රහීණ විය.

සචිත්ත වර්ගගය නිමි.
සුත්‍රය ඇසුරින් කල ධර්ම දේශනා අසන්නට KLIK BELOW

GirimanandaUd

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.