MN 01-01-10 මහා සතිපට්ඨාන සුත්‍රය

CLICK ARROW TO LISTEN TO SUTTA CHANTING

සතිපට්ඨාන සුත්‍රය1 :
[1 වීස්තර: ත්‍රිපිටකයේ සඳහන් සියළු සුත්‍ර අතුරින් මේ සතිපට්ඨාන සුත්‍රය වටිනාම සුත්‍රය බව බොහෝ බෞද්ධයන් සලකන්නේ එය මුළු මහත් ශාසනයේ පරම පාරමිතාව වූ නිර්වාණ අවබෝධය සඳහා භාග්‍යවතුන් වහන්සේ දුන් හොඳම උපදේශයන් ඇතුලත් සුත්‍රය නිසාය. මේ සුත්‍රය ඉතාම හරබර නිසාම බොහෝ පරිවර්තන වෙනස් ආකාරයෙන් පාලි සුත්‍රය සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් දක්වයි, ගාම්භීර වූ මේ සුත්‍රය අලලා බොහෝ වියතුන් විසින් කරන ලද දේශනා පෙළ කිහිපයක් මේ පිටුවේ අග දක්වා ඇත.] 

§ 1. මා  විසින් මෙසේ අසන ලදී.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කම්මාසදම්ම 134   නම්වූ කුරු රට වැස්සන්ගේ නියම් ගම වාසය කරති. එකල්හි දිනක් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට, “මහණෙනි”යි කථා කළෝය. භික්ෂූහු “ස්වාමීන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

[134: දැන් දිල්ලිය කියා දන්නා අග නුවර කිට්ටුව ත්ගිබු විසාල ගමක් ලෙස මෙය හඳුනති. එකලද මෙහි වැසියෝ ඉතා ඥානවන්ත මිනිසුන් වූ බවත් බොහෝ ගම්භිර ධර්මයන් දෙසනා කිරීමට මේ පළාතට භාග්‍යවතුන් වහන්සේ වැඩි බවත් පෙනේ ]

උද්දේස දේසනා 

§ 2. භාග්‍යවතුන්  වහන්සේ මෙසේ දේශනා කළාහුය.
“මහණෙනි, සත්වයාහට  සෝක කිරීමෙන්, වැළපීමෙන්,පවතින හා ඇතිවෙන  දුක් දෝමනස්සයන්ගෙන් වෙන් වන්නට, සත්වයාගේ අධ්‍යාත්මික  විසුද්ධිය පිණිස පවත්නාවූ නිර්වාන ධර්මය සාක්ෂාත් කර ගන්නට ඇති සෘජුම මාර්ගය 135 මෙම  සතර සතිපට්ඨානය වෙයි.

[135 : සමහර පරිවර්තන වල “එකායනෝ අයං භික්කවේ මග්ගෝ” යන පාඨය  “මෙය එකම මගයි” ලෙස දක්වතත් මෙහි කිට්ටුම අර්ථය කෙලින්ම යා හැකි මාර්ගය (සෘජුම) ලෙස ඥානපෝනික හිමියන් දක්වයි. නොබෙදුණු, වංගු නැති, අතුරු පාරවල් නැති කෙලින්ම පාරක් ලෙස සිතාගත හැක. අරහත් ඵලය ලබන්නට ධ්‍යාන වඩා සමථය දියුණු කිරීමෙන් ද බ්‍රහ්මවිහාරයන් වැඩීමෙන්ද  හැකි මුත් එම මාර්ගවල යන යෝගියෙකු අතුරු මාර්ගයන් ට හැරී නිර්වාන ඵලය නොලබන්නට හැකිය. සතිපට්ඨානය එනිසා කෙලින්ම යන අධි වේගී මාර්ගය ලෙස සලකත හැක.]

§ 3. කවර සතරක් ද යත්:  මෙම ශාසනයෙහි භික්ෂුව137  

කායානු පස්සනා
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා 
ධම්මානුපස්සනා 

[137 : සෑම සුත්රයක්ම භික්ෂුන් අමතා භික්ෂුවගේ අවබෝධය පිණිස කල බව පෙනෙන නිසා “භික්ෂුව” කවුරුද යයි තේරුම් ගැනීම අදාළ වේ. සසර දුක වටහාගෙන ඉන් මිදී වීමුක්තිය නොහොත් නිර්වාණය පිණිස වෙර දරන පුද්ගලයා ‘භික්ෂුව” ලෙස අටුවාව දක්වයි. එනිසා සිව්රු දරන තැනැත්තා පමණක් නොව සුදු වත් හඳින ගිහි උපාසකයාද භික්ෂුවක් ලෙස සලකන්න]

කායානුපස්සනා 138

මේ  සාසනයෙහි භික්ෂුවක්  කෙලෙස් තවන වීර්ය ඇතුව වැඩු ප්‍රඥාවෙන් යුතුව. දියුණු කල පැහැදිලි සිහියෙන් යුක්තව, මේ ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා කැමැත්තද, ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා අසන්තෝශයද  සිංසිඳුවාගෙන, මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නා ස්වභාව ඇතිව [138: මඥනාව දුරලීමට “මගේ” ශරීරය ලෙස මට අයත් එකක් නොව හුදු ධාතු එකතුවකින් ඇතිවූ රුපයක් ලෙස දකිමින් ] වාසය කෙරේද,

වේදනානු පස්සනා 139

[ 139:වේදනාව/ දැනීම/ විඳීම  හුදු වේදනාව / දැනීම/ විඳීමක්  බව මිස මගේ  වේදනාව/ මගේ දැනීම/ මගේ විඳීමක් නොව හුදු වේදනාව / දැනීම/ විඳීම පමණක් ලෙස දැකීම.] 


 කෙලෙස් තවන වීර්ය ඇතුව වැඩු ප්‍රඥාවෙන් යුතුව. දියුණු කල පැහැදිලි සිහියෙන් යුක්තව, මේ ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා කැමැත්තද, ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා අසන්තෝශයද  සිංසිඳුවාගෙන, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නා ස්වභාව ඇතිව වාසයකෙරේද,

  චිත්තානුපස්සනා 140

[140: ඒවා මම විසින් නිපදවන ලද දේ  නොවන බවත්, ඉපිද පැවත  නැසී යන ධර්මතා සමුදායක් බවත් දැන]


කෙලෙස් තවන වීර්ය ඇතුව වැඩු ප්‍රඥාවෙන් යුතුව. දියුණු කල සතියෙන් යුක්තව, මේ ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා කැමැත්තද, ලෝකය (පැවැත්ම) කෙරෙහි පවත්නා අසන්තෝශයද  සිංසිඳුවාගෙන, සිතෙහි ඇතිවන සිතිවිලි ධර්මයන් පමණක් බවත් චිත්ත පරම්පරාවන් හුදෙක් සිතෙහි ඉපිද පැවැත නිමවන ධර්මතා පෙරහැරක් බව දැක එසේ දන්නා 
ස්වභාව ඇතිව වාසය කෙරේද,

 ධම්මානුපස්සනා


කෙලෙසුන් තවන වීර්ය ඇතිව, සතිය ඇතිව, යහපත් ප්‍රඥාවෙන්, නීවරණාදී ධර්ම රාශියෙහි ලෝභය හා දොම්නස (අකැමැත්ත නුරුස්නා බව) සංසිඳුවාගෙන නීවරණාදී ධර්මයන් හුදු  ධර්මයන් පමණක් බව  සිහි කරමින් වාසය කෙරේද (මේ සතර සතිපට්ඨාන ධර්මයෝ නම් වෙත්) 

උද්දෙසො නිට්ඨිතො.

Meditation

II  කායානුපස්සනා
– ආනාපාන පබ්බය

§ 4. “මහණෙනි,  කෙසේ නම් කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි මහණහු කැලයකට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්යංකයක් බැඳ (එරමිනිය ගොතා ගෙන) ශරීරය කෙළින් පිහිටුවා ගෙන සිහිය ඉදිරිපත් කොට තබා ගෙන හිඳිනේය.

හෙතෙම තම සතිය වඩාගෙන ආශ්වාස කරන්නේ , ආශ්වාස කය (මමඥතාවයෙන් තොරව – මහේ ආශ්වාසය නොව හුදු කය තුලට වදිනා සුළං රැල්ළක් ලෙස) දකියි. 

එසේ සතිය වැඩු නිසාම ප්‍රශ්වාසයද මමඥතාවයෙන් තොරව – මහේ ප්‍රශ්වාසය  නොව හුදු කයෙන් බැහැර වන සුළං රැල්ළක් ලෙස දකියි.

වැඩු සතිය සහ විමසීමෙන් බලන ඕනෑකම ඇති සම්පජන්නය නිසා, ඒ ආශ්වාස කය දිගු වන විට එය දැක ආශ්වාස කය දිගු බව දනියි.  එලෙසම ඒ ආශ්වාස සුලන් රැල්ල කෙටිව , ඉක්මනින් වන විට, ආශ්වාස කය කෙටි බව දනියි. 

ප්‍රශ්වාස සුලන් රැල්ල දිගුවන විට ප්‍රශ්වාස කය දිගුවන බව දනියි. ප්‍රශ්වාස සුළං රැල්ල කෙටිවන් බව දකින විට ප්‍රශ්වාස කය කෙටි බව දනියි.

  [භාවනා යෝගියා ඕනෑකමින් දිගු හුස්ම ගෙන දිග ආශ්වාසයක් ගත්තැයි දැනගැනීම සහ ඕනෑකමින් ඉක්මනින් හුස්ම ගෙන කෙටියෙන් ආශ්වාසයක් දැක්කේයයි යන පරිවර්තනය වැරදි බව සලකන්න. යෝගියා කරන්නේ ස්වභාවයෙන් ගන්නා හෝ හෙලන දිගු හෝ කෙටි බව අවදීයෙන් නිරීක්ෂණය කිරීම පමණි.]

§5.මහණෙනි, දක්ෂ  වඩුවෙක් හෝ  වඩුවෙකුගේ අතවැස්සෙක් හෝ දික් කොට යත්ත අදින විට තමන් දික් කොට අදින්නෙමි’යි කියා දනීද, ඉක්මනින්හා කෙටිව ලුහුඬුව යත්ත අදින විට එසේ ලුහුඬු කොට අදින්නෙමියි කියා දන්නේ යම්සේ , එපරිද්දෙන්ම එම භික්ෂුව දීර්ඝ කොට ආශ්වාස කරන විට   දීර්ඝ කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝ කොට ප්‍රශ්වාස  කරන්නේ හෝ දීර්ඝ කොට ප්‍රශ්වාස  කරන්නෙමියි දන්නේය. තමන්ගේ හිස්ම ගැනීම කෙටි නම් නොහොත් ලුහුඬුකොට ආශ්වාස කරන්නේ හෝ ලුහුඬුකොට ආශ්වාස කරන්නෙමියි දන්නේය.

ලුහුඬුකොට ප්‍රශ්වාස  කරන්නේ හෝ ලුහුඬු කොට ප්‍රශ්වාස  කරන්නෙමියි දන්නේය. සතිය මෙසේ වඩන්නාවූ එම ශ්‍රමණ තෙමේ එම දිගු වූ හෝ කෙටි වූ හෝ ආශ්වාස කයෙහි මුල, මැද, සහ අග වෙන් කොට දකියි. එලෙසම  දිගු වූ හෝ කෙටි වූ හෝ ප්‍රශ්වාස  කයෙහි මුල, මැද, සහ අග වෙන් කොට දකියි.

මෙසේ තමාගේ (ආශ්වාස ප්‍රශ්වාස) කය විදසුන් ඇතිව දකිමින්  වාසය කරන විට ඔහුගේ ආශ්වාස ප්‍රශ්වාසය සංසිඳෙයි. (සෙමින් සෙමින් සිදුවේ- ඒ පිළිබඳව පවත්වන සතිය ප්‍රබල වෙයි.) 

මෙසේ සවිමත්වු සතියෙන් ඔහු අනුනගේ ආනපානයද මෙලෙසම සත්ව පුද්ගල සඥාවෙන් තොරව දකින්නේය.

මේ තමාගේ යයි කියා සිතා ගත් කයට ආශ්වාස සුළං රැල්ල එන සැටිත් ප්‍රශ්වාස රැල්ල ඉන් නික්ම යන සැටිත් සතියෙන් දකිනා ඔහු අන්‍ය ශරීරවලටද මේ ආශ්වාසය එන සැටිත් යන ප්‍රශ්වාසය ඉවත් වන සැටිත් දකින්නේය.

 මේ ආශ්වාස ප්‍රශ්වාස කයෙහි මුල, මැද, අග දකිනා ඔහු තීව්‍ර කල සතියෙන් රුප සඥා සංකාරයන්,  අනාත්ම ලෙස වටහා ගන්නේය. තන්හා දෘෂ්ඨි දෙකින් දුරුව මමායනය දුරු කරන්නට හේ සමත් වේ.  

අනුන්ගේ ආශ්වාස ප්‍රශ්වාස කයෙහිද  (ආශ්වාස ප්‍රශ්වාස ) ශරීරය අනුව නුවණින් බලමින් වාසය කරන්නේය.

අනුන්ගේ හා තමන්ගේ (ආශ්වාස ප්‍රශ්වාස )කයෙහි පටන්ගැන්ම,   පැවැත්ම සහ නිමාව, ‘මම’ ගේ  පාලනයෙන් හෝ අනුන්ගේ පාලනයෙන් නොවන්නක් බව දකියි.  එසේ දකින්නේ භික්ෂුව කයෙහි හෝ (ආශ්වාස ප්‍රශ්වාස ) කය  අනුව බලමින් වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාස යන්ගේ හටගැනීම බලමින්  වාසය කරන්නේය. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ නැතිවීම බලමින්  වාසය කරන්නේය. කලෙක හටගැනීම, කලෙක විනාශය බලමින් හෝ වාසය කරන්නේය.

මොහුට “සත්ව පුද්ගල නොවූ, ආශ්වාස ප්‍රශ්වාස  කය පමණක් ඇත්තේය”  යන සිහිය එළඹ සිටියා වෙයි. එය ඥානය වැඩීම පිණිසද සතිය  වැඩීම පිණිසද වෙයි.

තණ්හා දෘෂ්ටි දෙකින් දුරුව වසන්නේද වේ. එහෙයින් සත්ව ලෝකයෙහි, කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගන්නේය. මහණෙනි, මෙසේ මහණතෙම කයෙහි, කය  අනුව බලමින් (මේ කයෙහි කයක් මිස ආත්මයක් නොවන බව දකිමින්) වාසය කරන්නේය.” 

ආනාපානපබ්බං නිට්ඨිතං. 

III කායානුපස්සනා – 
ඉරියාපථ පබ්බය

§ 6. “මහණෙනි, එමෙන්ම, ඇවිදිද්දී ඇවිදින බව ද, (වාඩි නොවී ඉන්නා බව , හාන්සි නොවී ඉන්නා බව , සිටගෙන නොසිටින බවද),  
සිටගෙන සිටිද්දී ( පළඟ බැඳ නොව,  වාඩි  නොවී ඉන්නා බව , හාන්සි නොවී ඉන්නා බව , නොඅවිදීමින් සිටින බවද), යන්නේ හෝ ‘යන්නෙමි’යි දන්නේය.

සිටියෝ වේ නම්  ‘සිටියෙමි’ යි දන්නේය.

පළග බැඳ හුන්නේ නම්  ‘හුන්නෙමි’යි දන්නේය.

ශයනය කරන්නේ (වැතිර ඉන්නේ) නම්  “ශයනය කරන්නෙමි” යි දන්නේය.

  කය  යම් යම් ඉරියව්වකින් පිහිටුවනලදද ඒ ඒ ආකාරයෙන් දැන ගන්නේය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි හටගන්නා ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ශරීරයෙහි හටගන්නා ස්වභාව හා කලෙක විනාශවීම් ස්වභාව දන්නේ හෝ වාසය කරන්නේය. ඒ භික්ෂුවට වනාහි (සත්වයෙක් පුද්ගලයෙක් නොවූ) ශරීර ඉරියව් පමණක් ඇත්තේය, කියා සිහිය එළඹසිටියේ වෙයි. එය ඥානය වැඩීම පිණිසද සතිය වැඩීම පිණිසද වෙයි. තණ්හා දෘෂ්ටි දෙකින් (දුරුව) වාසය කරන්නේය. මේ සත්ව ලෝකයෙහි කිසි රූපාදියක් (ආත්මාදි වශයෙන්) නොගනියි මහණෙනි, භික්ෂුව මෙසේ ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඉරියාපථපබ්බං නිට්ඨිතං.

IV- කායානුපස්සනා – 
සම්පජාන පබ්බය

§ 7. “මහණෙනි,  ඉදිරියට ඇවිදිද්දී ඉදිරියට ඇවිදින බවද , ආපසු ඇවිදිද්දී ආපසු ඇවිදින බවද සතිමත්ව දැන ගනියි.  ඉදිරිය බැලීමේදී  ඉදිරිය බලන බව ට සතිමත් වේ.  අත් පා දිගු කරත්දී  ඒ ඒ ක්‍රියා වෙන සැටි සතිමත් වීමෙන් මනාව දකියි.

සිවුර පොරවත්දී ,  පාත්‍රය ඔසවා ගනිත්දී , දානය වලන්දත්දී, ඒ රසය මුව තුල දැනෙත්දී , පානය කරත්දී, මළ පහ කරත් දී , මුත්‍රා පහ කරත්දී , නිදි මත වෙත්දී,  කතා කරත්දී , නිහඬව සිටියදී , නින්දට යාමේදී, නින්දෙන් පිබිදීමේදී,  මනාව සතිය පවත්වන්නේ එහැම  ක්‍රියාවක්ම  ක්‍රියා ලෙස දකියි. මමෙක්, අනෙක්, ආත්මයක්, නැති බව දකියි. 

සම්පජානපබ්බං නිට්ඨිතං.

V-කායානුපස්සනා –
පටිකූලමනසිකාර පබ්බය

§ 8.“නැවතද මහණෙනි, මහණ තෙම පාදතලයෙන් උඩ හිසකේ මස්තකයෙන් යට සම කෙළවර කොට ඇති නානාවිධ අසුචියෙන් පිරී ඇති මේ ශරීරය ගැන විපල්ලාසයෙන් තොරවම සිහි කරන්නේය.

 (කෙසේදයත්) මේ ශරීරයෙහි හිසකෙස්ය,  ලොම්ය, නියපොතුය, දෙතිස් දත්ය, හමය, මස්පිඩුය, නහරය, ඇටය, ඇටමිදුලුය, වකුගඩුවය, හෘදයමාංශයය, අක්මාවය, දළබුවය, බඩදිවය, පෙණහැලිය, බඩවැලය, අතුණුබහණය, නොදිරූ ආහාරය, මලය, හිස්මොලය පිතය, සෙමය, සැරවය, ලෙහෙය, ඩහදියය, මේද තෙලය, කඳුලුය, වුරුණු තෙලය, කෙලය, සොටුය, සඳමිදුලුය, මුත්රූය (යන මේ කුණපයෝ) ඇත්තාහ.

මහණෙනි, නොයෙක් ආකාරවූ ධාන්‍යයන් පුරවනලද, උඩ යට දෙපැත්තෙන් කටවල් දෙකක් ඇති මල්ලක් වේද, කිනම් ධාන්යවලින් යුත් මල්ලක්ද යත්? හැල්වීය, මහවීය, මුංය, මෑය, තලය, සහල්ය, (යන මේ ධාන්ය්වලිනි.) ඇස් ඇති පුරුෂයෙක් ඒ ධාන්‍ය  පිරූ මල්ල ලිහා මේ හැල්ය, මේ මහ වීය, මේ මුංය, මේ මෑය, මේ තලය, මේ සහල්යයි යම්සේ වෙන් කරන්නේද , එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව සිය පාදයෙන් උඩ හිසකේ මස්තකයෙන් පහලට වුද, සමකින් වටකොට සීමා කොට ඇති මේ ශරීරය නොයෙක් ආකාර අසුචිවලින් පිරුණාවූ එකක් බව එනම් මේ ශරීරය ඇත්ත ආකාරයෙන්ම සිහි කරන්නේය.

ඒ කෙසේදයත්:
හිසකෙස්ය, ලොම්ය, නියපොතුය, දත්ය, සමය, මස්පිඩුය, නහරය, ඇටය ඇට මිදුළුය, වකුගඩුය, හෘදයමාංශය, අක්මාවය දළබුවය, බඩදිවය, පෙණහැලිය, අතුණුය. අතුණුබහන්ය, නොපැසුණු ආහාරය, මලය, හිස්මොලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සඳමිදුලුය, මුත්රොය, (යන මේ කුණපයෝ) මේ ශරීරයෙහි ඇත්තාහ. කියායි.

මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඉපදීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. ශරීරයෙහි විනාශවීම් ස්වභාවය අනුව බලමින් හෝ වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව හෝ අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තණ්හා දෘෂ්ටි දෙදෙනෙ ආශ්රඥය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් ආත්මාදී වශයෙන් නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

පටිකූලමනසිකාරපබ්බං නිට්ඨිතං.

VI -කායානුපස්සනා
– ධාතුමනසිකාර පබ්බ

§ 9. “මහණෙනි, නැවතද භික්ෂුව යම් ඉරියව්වකින් සිටියාවූද යම් ආකාරයකින් තබන ලද්දාවූද මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේය.
මේ ශරීරයෙහි පෘථිවි ධාතුව (තද ගතිය) ඇත්තේය.
ආපෝ ධාතුව (බැඳීම් ගතිය) ඇත්තේය.
තේජෝ ධාතුව (උණු ගතිය) ඇත්තේය.
වායො ධාතුව (පිම්බීම් ගතිය) ඇත්තේය කියායි.

“මහණෙනි, යම්සේ ගව ඝාතකයෙක්,  හෝ ඔහු අතවැසියෙක්  ගවයකු මරා සතර මංසන්ධියක  ඒ ගව සිරුර තබාගෙන එය කපමින් වෙන් වෙන් කොට බෙදන්නේද, එපරිද්දෙන්ම මහණෙනි, භික්ෂුව මේ ශරීරය ධාතු වශයෙන් කොටස් කරමින් සිහිකරන්නේය.  කෙසේදයත්?

මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තෙජො ධාතුව, වායො ධාතුව ඇත්තේය කියායි.
මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ශරීරයෙ ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
ශරීරයාගේ නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.
කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍ර වූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද, සතිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්රයයකොට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ධාතුමනසිකාරපබ්බං නිට්ඨිතං. 

VII -කායානුපස්සනා
පටිකූලමනසිකාර පබ්බ

§ 10. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

Death-meditation

§ 11. “මහණෙනි, නැවතද භික්ෂුව කවුඩන් විසින් මස් කඩාකනු ලබන්නාවූ හෝ උකුසන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ ගිජුලිහිණියන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ බල්ලන් විසින් කඩා කනු ලබන්නාවූ හෝ හිවලුන් විසින් කඩාකනු ලබන්නාවූ හෝ නොයෙක් සතුන් විසින් කඩාකනු ලබන්නාවූ අමු සොහොනෙහි දමනලද මළ මිනියක් දකින්නේ ද ඒ භික්ෂුව විසින් තමාගේ ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය.
කෙසේදයත්?

තමා ඔසවාගෙන දරාගෙන සිටින්නාවූ  මේ ශරීරයද මෙබඳුවූ ස්වභාව ඇත්තේය. මෙබඳුවූ ස්වභාවයට පැමිණෙන්නේය. මෙබඳුවූ ස්වභාවය ඉක්මවා නොසිටියේය කියාය. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි විනාශවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සතිය  මනාකොට පිහිටියා වෙයි. ඒ සතිය , ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය පමණක් ඇතැයි දකිමින්  වාසය කරන්නේය.

§12. “මහණෙනි, නැවත භික්ෂුව ලේ මස් සහිතවූ නහරවලින් බැඳුනාවූ සොහොනෙහි දමනලද මළමිනියක් දකින්නේද, ඒ භික්ෂුව,  මේ මා ඔසවා දරා සිටින ශරීරය ද ඒ මෘත ශරීරය හා සසඳා නුවණින් බලන්නේය.
කෙසේදයත්?

මේ (මගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය.

මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනියි. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

§ 13. “මහණෙනි, නැවතද භික්ෂුව මස් නැති ලෙයින් වැකුණු නහරින් බැඳුන ඇට සැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

§ 14. “මහණෙනි, නැවතද භික්ෂුව මස් ලේ දෙකින් තොරවූ, නහරින් බැඳුන ඇටසැකිල්ලක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව මේ (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය.

මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ව පුද්ගල නොවූ (කෙනෙකුගේ නොවන) ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

§ 15. “මහණෙනි, නැවතද භික්ෂුව නහර බැඳුම්වලින් වෙන්වූ, දිශා අනුදිශාවන්හි විසුරුණු ඇට කැබලිද, වෙන දිශාවක විසිරුණු පාඇටද, වෙන දිශාවක විසුරුණු කෙණ්ඩා ඇටද, වෙන දිශාවක විසුරුණු කලවා ඇටද, වෙන දිශාවක විසුරුණු කටී ඇටද, වෙන දිශාවක විසුරුණු පිටකටුද, වෙන දිශාවක විසුරුණු හිස්කැබලිද ඇතිව සොහොනෙහි දමනලද මළමිනියක (ඇටසැකිල්ලක්)  යම්සේ දකීද,ඒ භික්ෂුව (තම) ශරීරය ඒ (ඇට සැකිල්ල) ශරීරය හා සසඳා නුවණින් බලන්නේය.

මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාව නොඉක්මවන ලද්දේය. කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හේ  ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට “සත්ව පුද්ගල නොවූ ශරීරයක් පමණක් ඇත්තේය” යන සිහිය හොඳින් පිහිටියාවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

§ 16. “මහණෙනි, නැවතද භික්ෂුව (සක්ගෙඩියක පාට මෙන්) සුදුවූ ඇට ඇත්තාවූ, සොහොනෙහි දමන ලද මළ මිනියක් දක්නේ, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය.

මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ශරීරයෙහි හටගන්නා ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාවද කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාවද දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි.

ඒ සිහිය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී තෘෂ්ණාදෘෂ්ටි දෙදෙන ආශ්‍රයකොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය,

§ 17. “මහණෙනි, නැවතද භික්ෂුව අවුරුදු ගණන් ඉක්මගිය ඇට ගොඩක්වූ සොහොනෙහි දමනලද මළ මිනියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාවය දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානය වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

§ 18. “මහණෙනි, නැවතද භික්ෂුව කුණුවූ, සුණුවූ ඇට කැබලිවලට පැමිණි සොහොනෙහි දමනලද මළමිණියක් යම්සේ දක්නේද, ඒ භික්ෂුව (තම) ශරීරයද ඒ ශරීරය හා සසඳා නුවණින් බලන්නේය. මේ (මාගේ) ශරීරයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙබඳු ස්වභාවට පැමිණෙන්නේය. මෙබඳු ස්වභාවය නොඉක්මවන ලද්දේය කියායි. මෙසේ තමන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්වභාව හා කලෙක ශරීරයෙහි නැතිවීම් ස්වභාව දක්නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය. ඒ භික්ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ශරීරය පමණක් ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි, ඒ සිහිය ඥානය වැඩීම පිණිසද සිහිය වැඩීම් පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේය. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේය.

නවසිවථිකපබ්බං නිට්ඨිතං.
චුද්දසකායානුපස්සනා නිට්ඨිතා.

VIII -වෙදනානුපස්සනා


§21 “මහණෙනි, කෙසේ නම් භික්ෂුව විඳීම් කෙරෙහි විඳීම් අනුව බලමින් වාසය කරන්නේද?

[විස්තරය: වේදනානු පස්සනාවෙහි “වේදනා” යන පාලි වචනය සිංහල භාෂාවේ ඇති වේදනාව සමග පටලවා නොගැනීම පිණිස විඳීම යන වචනය භාවිතා කර ඇත.]

මහණෙනි, මේ සස්නෙහි භික්ෂුව (තමනට සතුට ගෙන දෙන ) සැප වේදනාවක් විඳින්නේ, සැප වේදනාවක් විඳීමියි දැනගනී.
(තමනට පීඩා දෙන) දුක් වේදනාවක් විඳින්නේ, දුක් වේදනාවක් විඳිමියි දැනගනී.
දුක්ද නොවූ සැපද නොවූ (අදුක්ඛම සුඛ) වේදනාවක් විඳින්නේ දුක්ද නොවූ, සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී.

ලෞකීය වූ ( පසිඳුරන් පිනවන) කැමැත්ත දනවන සැප වේදනාවක් විඳින්නේ හෝ ආසාවන් පිළිබඳවූ ලෞකීය සැප වේදනාවක් විඳිමියි දැනගනී.
ලෞකීය නොවූ, කාමය  සම්බන්ධයෙන් තොර වූ සැප වේදනාවක් [ධ්‍යාන සුවය ආදී සැපයක්] විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ සැප වේදනාවක් විඳිමියි දැනගනී.  
ලෞකීය වූ එනම් තෘෂ්ණාව නොහොත් කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී.
කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවූ දුක් වේදනාවක් විඳිමියි දැනගනී. කාමාසාවන් පිළිබඳවූ දුක්ද නොවූ සැපද නොවූ (උපෙක්ෂා) වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳවූ දුක් නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී.
කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳින්නේ හෝ කාමාසාවන් පිළිබඳ නොවන දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිමියි දැනගනී.

මෙසේ තමන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම්, අනුව බලමින් වාසය කරන්නේය තමන්ගේ හා අනුන්ගේ විඳීම් කෙරෙහි හෝ විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.

මේ විඳීම ‘මම’ ට හෝ අනුන්ට ‘අයත්’ යමක් නොව හුදෙක් ඇතිවී පැවතී, නැති වී යන ධර්මතාවන් පෙරහැරක් බව දකින්නේය.  වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනාව අනුව බලමින් වාසය කරන්නේය. වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය. කලෙක වේදනාවන්හි ඇතිවීම් ස්වභාව හා කලෙක වේදනාවන්හි නැතිවීම් ස්වභාව දක්නේ හෝ වේදනා අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට “සත්ත්ව පුද්ගල නොවූ වේදනා (විඳීම්) ඇත්තේය” යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්රයට නොගෙන වාසය කරන්නේය. මේ ලෝකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද විඳීම් අනුව බලමින් වාසය කරන්නේය.

වෙදනානුපස්සනා නිට්ඨිතා.

IX චිත්තානුපස්සනා

§ 22. “මහණෙනි, භික්ෂුව කෙසේනම් සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේදයත්?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව
සරාග (අටවැදෑරුම් ලොභ සහගත) සිත  රාගසහිත සිතයයි දැනගනී.
වීතරාග (ලෞකික කුසල් විපාක ක්රි්යා) සිත හෝ වීතරාග සිතයයි දැනගනී.
සදොස (දෙවදෑරුම් දොසමූල) සිත හෝ සදොස සිතයයි දැනගනී.
වීතදොස (ලෞකික කුසල් විපාක ක්රිොයා) සිත හෝ වීතදොස සිතයයි දැනගනී.
සමොහ (දෙවැදෑරුම්) මෝහමූලවූ හෝ දොළොස් අකුසල්වූ) සිත හෝ සමොහ සිතයයි දැනගනී. වීතමොහ (ලෞකික කුසල් විපාක ක්රිසයා) සිත හෝ වීත මොහ සිතයයි දැනගනී.
සංඛිත්ත (ථීනමිද්ධයන් – චිත්ත චෛතසිකයන්ගේ ගිලන් ස්වභාවය හා යෙදුණ) සිත හෝ සංඛිත්ත සිතයයි දැනගනී.
වික්ඛිත්ත (උද්ධච්චය – සිතේ විසිරයාම – හා යෙදුණ) සිත හෝ වික්ඛිත්ත සිතයයි දැනගනී.
මහග්ගත (රූපාවචර අරූපාවචර) සිත හෝ මහග්ගත සිතයයි දැනගනී.
අමහග්ගත (කාමාවචර) සිත හෝ අමහග්ගත සිතයයි දැන ගනී.
සඋත්තර (කාමාවචර) සිත හෝ සඋත්තර සිතයයි දැනගනී.
අනුත්තර (රූපාවචර අරූපාවචර) සිත හෝ අනුත්තර සිතයයි. දැනගනී.
සමාහිත (අපර්ණා සමාධි උපචාර සමාධියෙන් යුත්) සිත හෝ සමාහිත සිතයයි දැනගනී.
අසමාහිත (අර්පණා සමාධි උපචාර සමාධියෙන් තොරවූ) සිත හෝ අසමාහිත සිතයයි දැනගනී. විමුක්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් මිදුණ) සිත විමුක්ත සිතයයි දැනගනී,
අවිමුත්ත (තදඩ්ග විෂ්කම්භන විමුක්තීන්ගෙන් නොමිදුණු) සිත හෝ අවිමුත්ත සිතයයි දැන ගනී.)

මෙසේ තමාගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. තමන්ගේ හා අනුන්ගේ සිත කෙරෙහි හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය සිතෙහි ඉපදීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. විනාශවීම් ස්වභාව දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය.

කලෙක ඉපදීම හා කලෙක විනාශවීම දක්නේ හෝ සිත අනුව බලමින් වාසය කරන්නේය. ඔහුට සත්ව පුද්ගල නොවූ සිත ඇත්තේය යන සිහිය හොඳින් පිහිටියා වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහිය වැඩීම පිණිසද පවතී. ඒ භික්ෂුව තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන ආශ්රඩයකොට නොගෙන වාසය කෙරේ. මේ ලොකයෙහි කිසිවක් (ආත්ම වශයෙන්) නොගනී. මහණෙනි, භික්ෂුව මෙසේද සිත කෙරෙහි සිත අනුව බලමින් වාසය කරන්නේය.

චිත්තානුපස්සනා නිට්ඨිතා.

X- ධම්මානුපස්සනා –
නීවරණ පබ්බය


§ 23 “මහණෙනි, භික්ෂුව කෙසේනම් ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචනීවරණ ධර්මයන් (කුසල් ආවරණය කරන කෙලෙස් පස) කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.

මහණෙනි, භික්ෂුව පංචනීවරණ ධර්මයන් කෙරෙහි (ඒ නීවරණ) ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කෙරේද?

මේ ශාසනයෙහි භික්ෂුව තමා කෙරෙහි කාමච්ඡන්දයක් ඇතිවූ විට  (පසිඳුරන් පිලිබඳ කැමැත්තක්) මා තුළ කාමච්ඡන්දය ඇතැයි දැනගනී. තමා කෙරෙහි  කාමච්ඡන්දයක් නැත්තාවූ විට, මා තුළ කාමච්ඡන්දය නැතැයි දැනගනී. යම් ලෙස  නූපන්නාවූ කාමච්ඡන්දයාගේ ඉපදීමක් (නොතිබූ ආසාවක් ඇතිවීමක්) වේද, ඒ කාරණයත් දැනගනී. යම් කරුණකින් උපන්නාවූ කාමච්ඡන්දයාගේ දුරුකිරීම් වන්නේද ඒ කාරණයද, දැනගනී. යම් කරුණකින් දුරු කරන ලද කාමච්ඡන්දයාගේ නැවත ඉපදීමක් නොවේද, ඒ කාරණයද දැනගනී.

අධ්යාත්මිකවූ (තමා තුළ ඇත්තාවූ) ව්‍යාපාදය (= නොමනාපය, අසන්ත්රුෂ්ටිය, නුරුස්නා බව ) දැක මා තුළ (අධ්‍යාත්මික) ව්යාපාදය  ඇතැයි දැනගනී. තමා තුළ ව්‍යාපාදය නැත්තේ නම්, මා තුළ ව්‍යාපාදය නැතැයි දැනගනී. යම් ලෙස කලින් නොතිබූ,  නූපන්නාවූ ව්‍යාපාදයක  ඉපදීම වේද, ඒ කරුණද දැනගනී. යම්කරුණකින් උපන්නාවූ ව්‍යාපාදයයේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ව්‍යාපාදයෝ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

තමා තුළ ඇත්තාවූ හෝ ථීනමිද්ධය (චිත්ත චෛතසිකයන්ගේ මැලිබව) මා තුළ ථීනමිද්ධය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තා වූ හෝ ථීනමිද්ධය, මා තුළ ථීනමිද්ධය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ථීනමිද්ධයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් ථීනමිද්ධයාගේ දුරුවීම වන්නේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ ථීනමිද්ධයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.

තමා තුළ ඇත්තාවූ හෝ උද්ධච්ච කුක්කුච්චය (නොසන්සුන්කම හා පසුතැවිල්ල) මා තුළ උද්ධච්චකුක්කුච්චය ඇතැයි දැනගනී. තමා තුළ නැත්තාවූ හෝ උද්ධච්චකුක්කුච්චය මා තුළ උද්ධච්චකුක්කුච්චය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීම වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ දුරුකිරීම වන්නේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ උද්ධච්චකුක්කුච්චයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

තමා කෙරෙහි ඇත්තාවූ හෝ විචිකිච්ඡාව (බුද්ධාදි අට තැන්හි සැකය) මා තුළ විචිකිච්ඡාව ඇතැයි දන්නේය. තමා කෙරෙහි නැත්තාවූ හෝ විචිකිච්ඡාව මා තුළ විචිකිච්ඡාව නැතැයි දන්නේය. යම් කරුණකින් නූපන් විචිකිච්ඡාවගේ ඉපදීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් උපන් විචිකිච්ඡාවගේ දුරුකිරීම වන්නේද, එයද දන්නේය. යම් කරුණකින් දුරුවූ විචිකිච්ඡාව නැවත නූපදින්නේද, එයද දන්නේය.

මෙසේ තමා තුළවූ හෝ ඇතිවන්නාවූ  (පංචනීවරණ) ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. බාහිරව පවත්නාවූ හෝ (අනුන් පිළිබඳවූ) නීවරණ ධර්මයන් කෙරෙහි ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ඒ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

ඒ නීවරණ ධර්මයන්ගේ ඇතිවීම්  ස්වභාව දකිමින් වාසය කරන්නේය. ඒ නීවරණ ධර්මයන්ගේ නැතිවීම් ස්වභාව දකිමින් වාසය කරන්නේය. විටක ඒ නීවරණ ධර්මයන්ගේ ඇතිවීම්  ස්වභාව හා විටක නීවරණ ධර්මයන්ගේ නැතිවීම් ස්වභාව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුවට සත්ත්වයෙක් පුද්ගලයෙක් නොවූ නීවරණ ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. ඒ සිහිය නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්‍රයට නොගෙන වාසය කරන්නේය. ලොකයෙහි කිසිවක් (මමය මගේ යයි) ගැනීම නොකරන්නේය. මහණෙනි, ඒ භික්ෂුව මෙසේ පඤ්චනීවරණ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

නීවරණපබ්බං නිට්ඨිතං.

XI- ධම්මානුපස්සනා
– ඛන්ධ පබ්බය

§ 24 “මහණෙනි, භික්ෂුව නැවතද  උපාදාන ස්කන්ධ පස (රූප, වෙදනා සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ.
“මහණෙනි, භික්ෂුව උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසයකරන්නේද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ රූප රාශියයි, මේ රූපයන් පහළවීමේ හේතුවයි. මේ රූපයන්ගේ නැතිවීමයයි ද,
මේ වේදනාවය (විඳීමය) මේ වෙදනාව පහළවීමේ හේතුවය. මේ වේදනාවගේ නැතිවීමයයි  ද,
මේ සංඥාවය, මේ සංඥාව පහළවීමේ හේතුවය. මේ සංඥා නැතිවීමයයි ද,
මේ සංස්කාරයෝය, මේ සංස්කාරයන්ගේ පහළවීමේ හේතුවය, මේ සංස්කාර නැතිවීමයයි ද,
මේ විඤ්ඤාණයය, මේ විඤ්ඤාණයාගේ පහළවීමේ හේතුවය, මේ විඤ්ඤාණයාගේ නැතිවීමයයි ද
මෙසේ තමා තුළවූ (පංචස්කන්ධ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

බාහිරවූ (අනුන් තුළවූ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් කෙරෙහිවූ හෝ අනුන් කෙරෙහිවූ හෝ ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ ඇතිවීම් ස්වභාව හෝ දකිමින් වාසය කරන්නේය. ධර්මයන්ගේ නැතිවීම ස්වභාවය හෝ බලමින් වාසය කරන්නේය. කලෙක ධර්මයන්ගේ පහළවීම හා කලෙක ධර්මයන්ගේ නැතිවීම   බලමින් වාසය කරන්නේය.

ඔහුට (සත්ව පුද්ගල නොවන) ස්කන්ධ ධර්මයෝ ඇත්තාහුය. (යන) සිහිය හොඳින් පිහිටියා වෙයි (ඒ සිහිය) නුවණ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙක ඇසුරුනොකොට වාසය කරයි. (පංච ස්කන්ධ) ලෝකයෙහි (කිසිවක් මෙය මාගේයයි ගැනීමක් නොකරන්නේය. මහණෙනි, භික්ෂුව මෙසේ පඤ්ච උපදාන ස්කන්ධයන් කෙරෙහි, ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

ඛන්ධපබ්බං නිට්ඨිතං.

XII ධම්මානුපස්සනා
ආයතන පබ්බය

§ 25. “මහණෙනි, නැවතද භික්ෂුව තමන් තුළවූ සය ආයතනයන්ද (ඇස, කණ, නාසය, දිව, කය, සිත,) පිටතවූ සය ආයතනයන්ද (රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම) යන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.
මහණෙනි, භික්ෂුව තමන් තුළවූද, පිටතවූද සය ආයතනයන් කෙරෙහි ධර්මයන් අනුව කෙසේනම් බලමින් වාසය කරයිද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව ඇස දැනගනී. රූපයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීම හේතුකොටගෙන (ඵස්ස)  යම් සංයෝජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීම වේද, එයද, දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.

  • කණ දැනගනී. ශබ්දයද දැනගනී ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එය දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද, එයද දැනගනී.
  • නාසයද දැනගනී. ගන්ධයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවේද එයද දැනගනී.
  • දිව දැනගනී. රසයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයොජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයොජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයොජනයාගේ දුරුවීම වේද, එයද දැනගනී යම් කරුණකින් දුරුවූ සංයොජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද, එයද දැනගනී.
  • කයද දැනගනී. ස්පර්ශයද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද, දැනගනී.
  • සිතද දැනගනී. ධර්මයන්ද දැනගනී. ඒ දෙදෙනාගේ එක්වීමෙන් යම් සංයෝජනයක් උපදින්නේද, එයද දැනගනී. යම් කරුණකින් නූපන් සංයෝජනයාගේ ඉපදීමක් වේද එයද දැනගනී. යම් කරුණකින් උපන් සංයෝජනයාගේ දුරුවීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් දුරුවූ සංයෝජනයාගේ නැවත ඉපදීමක් නොවන්නේද එයද දැනගනී.

මෙසේ තමා තුළවූ (ආයතන) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. පිටත වූ ආයතන  ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. තමන් තුළවූද පිටත්හි වූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. ධර්මයන්ගේ නැතිවීම්  ස්වභාව හෝ බලමින් වාසය කෙරේ. කලෙක ධර්මයන්ගේ ඉපදීම හා කලෙක නැතිවීම්  බලමින් හෝ වාසය කෙරේ.

ඔහුට (සත්ත්ව පුද්ගල නොවන) ආයතන ධර්මයෝ ඇත්තාහුය යන සිහිය මනාකොට පිහිටියා වෙයි. (එය) නුවණ වැඩීම පිණිසද, සිහිය දියුණුවීම පිණිසද පවතී ඔහු තෘෂ්ණා දෘෂ්ටි දෙදෙන අසුරු නොකොට වාසය කරන්නේය. (ආයතන ධර්ම) ලොකයෙහි කිසිවක් (මමය, මාගේයයි) ගැනීම නොකෙරේ. මහණෙනි ඒ භික්ෂුව මෙසේ තමන් තුළවූද, පිටත්හි වූද දොළොස් ආයතන ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. 

ආයතනපබ්බං නිට්ඨිතං.

XII ධම්මානුපස්සනා – බොජ්ජංග පබ්බය

§ 26. “මහණෙනි, නැවතද භික්ෂුව සප්ත බොජ්ජංග (නිර්වාණ අවබොධයට හෙතුවන අංග හත) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කෙරේ. මහණෙනි භික්ෂුව සත් වැදෑරුම් බොජ්ජංග ධර්මයන් අනුව කෙසේ බලමින් වාසය කෙරේද?

  • මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව තමා තුළ ඇත්තාවූ  සති සම්බොජ්ජඩ්ගය, (සිහිය) මා තුළ සති සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා තුළ සති සම්බොජ්ජඩ්ගය නැත්තේ නම්, මා තුළ සති සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් සති සම්බොජ්ජඩ්ගයාගේ ඇතිවීමක්  වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ සති සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
  • තමා කෙරෙහිඇත්තාවූ  ධම්ම විජය (ප්‍රඥාව) , මා තුළ ධම්මවිජය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ ධම්මවිජය සම්බොජ්ජඩ්ගය, මා තුළ ධම්මවිජය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් ධම්මවිජය සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ ධම්මවිචය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
  • තමා කෙරෙහිඇත්තාවූ විරිය (වීර්ය) සම්බොජ්ජඩ්ගය හෝ මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ විරිය සම්බොජ්ජඩ්ගය මා තුළ විරිය සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් විරිය සම්බොජ්ජඩ්යාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ විරිය සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී.
  • තමා කෙරෙහිඇත්තාවූ පීති (ප්‍රීතිය) සම්බොජ්ජඩ්ගය, හෝ මා තුළ පීති සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පීති සම්බොජ්ජඩ්ගය මා තුළ පීති සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන් පීති සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීමක් වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නාවූ පීති සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද, එයද දැනගනී. 
  • තමා කෙරෙහිඇත්තාවූ පස්සද්ධි (සංසිඳීම) සම්බොජ්ජඩ්ගය, මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය මා තුළ පස්සද්ධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
  • තමා කෙරෙහිඇත්තාවූ සමාධි (සිතේ එතඟකම) සම්බොජ්ජඩ්ගය, මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ සමාධි සම්බොජ්ජඩ්ගය මා තුළ සමාධි සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ සමාධි සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
  • තමා කෙරෙහි ඇත්තාවූ හෝ උපෙක්ඛා (මැදහත් බව) සම්බොජ්ජඩ්ගය, මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය ඇතැයි දැනගනී. තමා කෙරෙහි නැත්තාවූ හෝ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය මා තුළ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගය නැතැයි දැනගනී. යම් කරුණකින් නූපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ ඉපදීම වේද, එයද දැනගනී. යම් කරුණකින් උපන්නා වූ උපෙක්ඛා සම්බොජ්ජඩ්ගයාගේ වැඩීම වේද එයද දැනගනී.
  • මෙසේ තමා කෙරෙහි ඇත්තාවූ හෝ (සප්ත සම්බොජ්ජඩ්ග) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. අනුන් පිළිබඳවූ (සප්ත සම්බොජ්ජඩ්ග) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. තමන් පිළිබඳවූද, අනුන් පිළිබඳවූද ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරයි. ධර්මයන්ගේ ඉපදීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. විනාශවීම් ස්වභාව හෝ බලමින් වාසය කරයි. කලෙක ඉපදීම හා කලෙක විනාශවීම හෝ බලමින් වාසය කරයි.


ඒ භික්ෂුවට (සත්ත්ව පුද්ගල නොවන) සම්බොජ්ජඩ්ග ධර්මයෝ ඇතැයි යන සිහිය හොඳින් එළඹෙන ලද්දීය. (ඒ සිහිය) ඥානයාගේ වැඩීම පිණිසද, සිහිය වැඩීම පිණිසද පවතී. (ඒ භික්ෂුව) තෘෂ්ණා දෘෂ්ටි දෙදෙනා ආශ්රිය නොකොට වාසය කරයි. ලෝකයෙහි කිසිවක් ආත්ම වශයෙන් ගැනීම නොකරයි. මහණෙනි, භික්ෂුව මෙසේ සප්ත බොද්ධ්යං්ග ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි.

(බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං (බොජ්ඣඞ්ගපබ්බං නිට්ඨිතං. පඨමභාණවාරං (ස්යාප.)).

XIV ධම්මානුපස්සනා – සච්ච පබ්බය

§ 27. “මහණෙනි, භික්ෂුව  චතුරාර්ය සත්‍ය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරයි. මහණෙනි, භික්ෂුව චතුරාර්ය සත්යහය ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් කෙසේ වාසය කරයිද?

මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ දුකයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් ඉපදීමේ හේතුවයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි ඇති සැටියෙන් දැනගනී. මේ දුක් නැති කිරීමේ මාර්ගය යයි ඇති සැටියෙන් දැනගනී.

පඨමභාණවාරො නිට්ඨිතො.
පහත දැක්වෙන විස්තරාත්මක සච්ච පබ්බය මජ්ජිම නිකායේ නොව දීඝ නිකායේ අඩංගු මහා සතිපට්ටන සුත්‍ර දේශනාවෙන්  උපුටා මෙහි ඇතුල් කල බව සලකන්න.

XV දුක්ඛ සච්ච නිද්දෙසො

§ 27.1 මහණෙනි, දුඃඛාර්ය්ය සත්‍ය නම් කවරේද?
ඉපදීමද දුකය. දිරීමද (මහලුවීම) දුකය. ලෙඩ වීමට, රෝගයනට පත් වීම්ද දුකය. මරණයද දුකය.

ශොක කිරීමය, වැළපීමය, කයෙහි දුකය, සිතෙහි දුකය, ශොක කිරීමෙන් වන වෙහෙසය යන මේවා දුක් වන්නාහුය.
අකමැති දෙය හා එක්වීමද දුක්වන්නේය.
කැමති දෙයින් වෙන්වීමද දුක් වන්නේය.
යම් කැමති දෙයක් නොලැබීමද දුක්වන්නේය.
කොටින් කියතොත් උපාදානස්කන්ධ පසම දුක් වන්නේය.

මහණෙනි, ජාතිය (උත්පත්තිය) නම් කවරේද?
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව වර්ගයන්හි ඉපදීමක් වේද, හටගැන්මක් වේද, (උත්පත්තියට) ඇතුළත් වීමක් වේද, විශෙෂයෙන් ඉපදීමක් වේද, ස්කන්ධයන්ගේ පහළ වීමක් වේද, ආයතනයන්ගේ ලැබීමක් වේද මහණෙනි, මේ
ජාතිය (ඉපදීම) යයි කියනු ලැබේ.

මහණෙනි, ජරාව (මහලු වීම) නම් කවරේද?
ඒ ඒ සත්ව වර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක් වේද, දිරන බවක් වේද කැඩුණු (වැටුනු) දත්ඇති බවක් වේද, පැසී සුදුවූ කෙස් ඇති බවක් වේද, (හම) රැලි වැටීමක් වේද ආයුෂයාගේ පිරිහීමක්වේද, ඉන්ද්රිැයයන්ගේ මේරීමක් වේද, මේ ජරාවයයි කියනු ලැබේ.

මහණෙනි, මරණය නම් කවරේද?
ඒ ඒ සත්වවර්ගයන්හි ඒ ඒ සත්වයන්ගේ චුතවීමක් වේද, වෙන්වීමක් වේද, බිඳීමක් වේද, අතුරුදන් වීමක් වේද, මිය යාමක් වේද, කාල ක්‍රියාවක් වේද, ස්කන්ධයන්ගේ බිඳීමක් වේද, ශරීරයාගේ බැහැර දැමීමක් වේද, මහණෙනි, මෙය මරණයයි කියනු ලැබේ.

මහණෙනි, සෝකය නම් කවරේද?
යම් යම් විපතකින් යුක්තවූ සත්වයාගේද, යම් යම් දුකකට පැමිණි සත්වයාගේද ශොකයක් වේද, ශොකකරන බවක් වේද, ශොක කිරීමක් වේද, ඇතුළත වියලන ස්වභාවයක් වේද, ඇතුළත විශෙෂයෙන් වියලන ස්වභාවයක් වේද මහණෙනි, මෙය ශොකයයි කියනු ලැබේ.

මහණෙනි, පරිදෙවය නම් කුමක්ද?
යම් යම් විපතකින් යුක්තවූවහුගේද යම් යම් දුකකට පත්වූවහුගේද යම් වැලපීමක් වේද, විලාප කීමක් වේද, නම් කිය කියා හැඬීමක් වේද, ගුණ කිය කියා හැඬීමක් වේද, යම් හැඬීම් බවක් වේද, යම් විලාප කීමක් වේද, මහණෙනි, මෙය පරිදෙවයයි කියනු ලැබේ.

මහණෙනි, (කායික) දුක නම් කවරේද?
මහණෙනි, කයෙහිවූ යම් දුකක් ඇද්ද, කයෙහිවූ යම් නොසැපක් වේද කායස්පර්ශයෙන් හටගත්තාවූ දුකක්වේද නොසැපවූ විඳීමක් වේද මහණෙනි, මෙය දුකයයි කියනු ලැබේ.

මහණෙනි, දොම්නස නම් කවරක්ද?
මහණෙනි, සිතෙහි හටගත්තාවූ යම් දුකක් වේද, සිතෙහිවූ යම් අමිහිරි බවක් වේද, සිතේ ස්පර්ශ නිසා හටගත් යම්දුකක් වේද, සැපනොවූ යම් විඳීමක් වේද මහණෙනි, මෙය දොම්නසයයි කියනු ලැබේ.

මහණෙනි, උපායාස නම් කවරේද?
යම් යම් විපතකින් යුක්ත වූවහුගේද, යම් යම් දුකකින් යුක්තවූවහුගේද යම් දැඩි වෙහෙසක් ඇත්තේද යම් ක්ලාන්ත වීමක් වේද, යම් බලවත් ක්ලාන්ත වීමක් ඇත්තේද මෙය මහණෙනි, උපායාසයයි කියනු ලැබේ.

මහණෙනි, “කැමතිවූ යමක් නොලබාද එයද දුක් වන්නේය” යනු කවරේද?
මහණෙනි, ඉපදීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු කැමත්තක් (ආසාවක්) උපදී. (කෙසේද?) “අනේ! අපි සසර උපදින ස්වභාව නැත්තෝවෙමු නම්, එකාන්තයෙන් සසර හටගැන්ම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” යනුවෙනි.
මේ කාරණය කැමැත්තෙන් (ආසාවෙන්) පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දිරීම (මහළුවීම) ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මහලු වන ස්වභාව නැත්තෝවෙමු නම්, එකානත්යෙන් මහලුවීම අපවෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, රෝගයන්ගෙන් පෙළෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි රොගීවන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අපවෙත රෝග නොඑන්නේ නම් ඉතා හොඳය” කියාය. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, මරණයට පැමිණෙන ස්වභාව ඇත්තාවූ සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි මැරෙණ ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් මරණය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” (කියායි.) මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, ශොකයට (කනගාටුවට) පැමිණීම ස්වභාව කොට ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි ශොකයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම් එකාන්තයෙන් ශොකය අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, වැළපීමට පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි වැළපීමට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් වැළපීම අපවෙත නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය” කියායි, මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දුකට (කායික දුක) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ අපි දුකට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දුක අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, දොම්නසට (සිතේ දුකට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි දොම්නසට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, එකාන්තයෙන් දොම්නස අප වෙත නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ. මෙයද ආසා කරන යමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, උපායාසයට (බලවත් වෙහෙසට) පැමිණෙන ස්වභාව ඇති සත්වයන්ට මෙබඳු ආසාවක් උපදී. (කෙසේද?) “අනේ! අපි උපායාසයට පැමිණෙන ස්වභාව නැත්තෝ වෙමු නම්, ඒකාන්තයෙන් අප වෙත උපායාසය නොඑන්නේ නම් ඉතා හොඳය” කියායි. මේ කාරණය ආසාවෙන් පැමිණිය හැක්කක් නොවේ, මෙයද ආසා කරනයමක් නොලැබීමේ දුකකි.

මහණෙනි, සංක්ෂෙපයෙන් දුක්වූ පඤ්ච උපාදානස්කන්ධයෝ නම් කවරහුද?
හේ මෙසේයි. රූප උපාදානස්කන්ධය, වෙදනා උපාදානස්කන්ධය, සංඥාඋපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥානඋපාදානස්කන්ධය, යන මේයි. මහණෙනි සංක්ෂෙපයෙන් දුක් වන්නාහු යම් පඤ්ච උපාදානස්කන්ධයෝයි. මහණෙනි මෙය දුක්ඛ ආර්ය සත්‍යය යි කියනු ලැබේ.

XVI සමුදය සච්ච නිද්දෙසො

§ 27.2 මහණෙනි දුක්ඛ සමුදය (දුක් ඉපදීමේ හේතුව) ආර්ය සත්‍යය කවරේද?

නැවත නැවත සත්වයාගේ ඉපදීම ඇතිකරන්නාවූ, ඇලීම් සහගතවූ ඒ ඒ උපන් ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් තණ්හාවක් (කැමැත්තක්) වේද, ඒ කවරේදයත්?
කාම තණ්හාය (පංචකාමයන් කෙරෙහි ඇති ආසාව)
භව තණ්හාය (ශාස්වතදෘෂ්ටිය සමග ඇති ආශාව)
විභව තණ්හාය (උච්ඡේද දෘෂ්ටිය සමග පවත්නා ආශාව)
යන මේවා යි.

මහණෙනි ඒ මේ තණ්හාව උපදිනු ලබන්නේ, කවර තැනෙක්හි උපදීද?
පවතිනු ලබන්නේ කවර තැනක පවතීද?

ලොකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, සැප ස්වභාව ඇත්තේද එහි උපදිනු ලබන්නාවූ මේ තණ්හාව උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව පවතී.


ලොකයෙහි කුමක් නම් ප්‍රිය ස්වභාවය ඇත්තේද? සැප ස්වභාව ඇත්තේද?

ලොකයෙහි ඇස ප්‍රිය  ස්වභාවය ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලොකයෙහි කණ ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලොකයෙහි නාසය ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලොකයෙහි දිව ප්‍රිය  ස්වභාවය ඇත්තේය. සැප ස්වභාවය ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලොකයෙහි ශරීරය ප්‍රිය  ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
ලොකයෙහි සිත ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපයද, ලොකයෙහි ශබ්දයද, ලොකයෙහි සුවඳද, ලොකයෙහි රසයද, ලොකයෙහි ස්පර්ශයද, ලොකයෙහි ධර්මයද ප්රිනය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි චක්ඛු විඤ්ඤාණයද, (රූපය දැන ගන්නා සිත) ලොකයෙහි සොත විඤ්ඤාණයද, (ශබ්දය දැන ගන්නා සිත) ලොකයෙහි ඝාණ විඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිත) ලොකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිත) ලොකයෙහි කාය විඤ්ඤාණයද, (ස්පර්ශ දැන ගන්නා සිත) ලොකයෙහි මනො විඤ්ඤාණයද, (චක්ඛුවිඤ්ඤාණාදියෙන් අන්යෙවූ සිත) ප්රි්ය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි චක්ඛු සම්ඵස්සයද, (චක්ඛු ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි සොත සම්ඵස්සයද (සොත ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි ඝාන සම්ඵස්සයද (ඝාන ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි ජිව්හා සම්ඵස්සයද (ජිව්හා ද්වාරයෙහි ස්පර්ශය) ලොකයෙහි කාය සම්පස්සයද (කායද්වාරයෙහි ස්පර්ශය) මනො සම්පස්සයද (මනඃ ස්පර්ශයද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි ඇස හා රූපය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි කණ හා ශබ්දය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි නාසය හා ගඳ සුවඳ ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි දිව හා රසය ස්පර්ශ වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි කය හා ස්පර්ශය එක් වීමෙන් ඇතිවන විඳීමද, ලොකයෙහි සිත හා ධර්මයන් ස්පර්ශවීමෙන් ඇතිවන විඳීමද, ප්රිකය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූප සංඥාවද, ලොකයෙහි ශබ්ද සංඥාවද, ලොකයෙහි ගන්ධ සංඥාවද, ලොකයෙහි රස සංඥාවද, ලොකයෙහි ස්පර්ශ සංඥාවද, ලොකයෙහි ධර්ම සංඥාවද, ප්රිාය ස්වභාව ඇත්තේය, සැප ස්වභාව ඇත්තේය, උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී, පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූපය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ශබ්දය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ගඳ සුවඳ නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ස්පර්ශය නිසා පවත්නා චෙතනාවද, ලොකයෙහි ධර්මය නිසා පවත්නා චෙතනාවද ප්රිූය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.

ලොකයෙහි රූප තණ්හාවද, ලොකයෙහි ශබ්ද තණ්හාවද, ලොකයෙහි ගන්ධ තණ්හාවද, ලොකයෙහි රස තණ්හාවද, ලොකයෙහි ස්පර්ශ තණ්හාවද, ලොකයෙහි ධර්ම තණ්හාවද, ප්රිලය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.


ලොකයෙහි රූපය නිසා හටගන්නා විතර්කයද ලොකයෙහි ශබ්දය නිසා හටගන්නා විතර්කයද ලොකයෙහි ගන්ධය නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි රස නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විතර්කයද, ලොකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විතර්කයද ප්රිෙය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ තණ්හාව මෙහි පවතී.


ලොකයෙහි රූපය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ශබ්දය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ගන්ධය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි රසය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ස්පර්ශය නිසා හටගන්නා විචාරයද, ලොකයෙහි ධර්ම අරමුණු නිසා හටගන්නා විචාරයද, ප්රිෙය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. උපදිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි උපදී. පවතිනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පවතී.
මහණෙනි මේදුක්ඛ සමුදය නම්වූ ආර්ය්. සත්‍යය යයි.

XVII නිරෝධ සච්ච නිද්දෙසෝ

§ 27.3 මහණෙනි දුක් නැති කිරීම නම් වූ උතුම් සත්‍ය (නිවන) කවරේද?

එම තණ්හාවගේම ඉතුරු නොවන යම් නොඇලීම නම්වූ නිරුද්ධ (නැති) කිරීමක් වේද, අත්හැරීමක් වේද, සම්පූර්ණයෙන් දුරලීමක් වේද, මිදීමක් (ගැලවීමක්) වේද, කැමැත්තට නොගනීමක් වේද එය දුක් නැතිකිරීමයි.

මහණෙනි පහවනු ලබන්නාවූ මේ තණ්හාව කවර තැනෙක්හි පහවන්නේද? නැතිවන්නාවූ මේ තණ්හාව කවර තැනෙක නැති (නිරුද්ධ) වේද?

ලොකයෙහි යමක් ප්‍රිය ස්වභාව ඇත්තේද, යමක් සැප ස්වභාව ඇත්තේද පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ. ලොකයෙහි කුමක් නම් ප්‍රිය ස්වභාව ඇත්තේද? කුමක් නම් සැප ස්වභාව ඇත්තේද?

ලොකයෙහි ඇස ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි කණද, ලොකයෙහි නාසයද, ලොකයෙහි දිවද, ලොකයෙහි කයද, ලොකයෙහි සිතද, ප්රි ය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි රූපයද, ලොකයෙහි ශබ්දයද, ලොකයෙහි ගඳ සුවඳද, ලොකයෙහි රසයද, ලොකයෙහි ස්පර්ශයද ලොකයෙහි ධර්මයද ප්රිෙය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි චක්ඛු විඤ්ඤාණයද, (රූපදක්නා සිතද) ලොකයෙහි සොතවිඤ්ඤාණයද, (ශබ්ද අසනා සිතද) ලොකයෙහි ඝාණ විඤ්ඤාණයද, (ගඳ සුවඳ දැන ගන්නා සිතද) ලොකයෙහි ජිව්හා විඤ්ඤාණයද, (රස දැන ගන්නා සිතද) ලොකයෙහි කාය විඤ්ඤාණයද, (පහස දැන ගන්නා සිතද) ලොකයෙහි මනො විඤ්ඤාණයද (එම සිත් පසින් අන්යි සිත්ද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවේ. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවේ.

ලොකයෙහි චක්ෂු ස්පර්ශ (ඇස නිසා හටගන්නා ස්පර්ශය) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහ වන්නේය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි ශ්‍රෝත ස්පර්ශයද (කණ නිසා උපදින ස්පර්ශය) ලොකයෙහි ඝාන ස්පර්ශයද, (නාසය නිසා උපදින ස්පර්ශයද) ලොකයෙහි ජිව්හා ස්පර්ශයද (දිව නිසා උපදින ස්පර්ශයද) කාය ස්පර්ශයද (කය නිසා උපදින ස්පර්ශයද, ලොකයෙහි මනඃ ස්පර්ශයද (සිත නිසා ඇතිවන ස්පර්ශයද) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය

ලොකයෙහි ඇස හා රූපය ගැටීමෙන් උපදින වේදනාව (විඳීම) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි කණ හා ශබ්දය ගැටීමෙන් උපදින වේදනාවද, නාසය හා ගන්ධය ගැටීමෙන් උපදින වෙදනාවද, දිව හා රසය ගැටීමෙන් උපදින වේදනාවද, කය හා ස්පර්ශය ගැටීමෙන් උපදින වේදනාවද, සිත හා අරමුණු ගැටීමෙන් උපදින වේදනාවද ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නේය.
ලොකයෙහි රූපය යන හැඟීම ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නේය. නැතිවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නේය. ලොකයෙහි ශබ්දය යන හැඟීමද, ලොකයෙහි ගන්ධය යන හැඟීමද ලොකයෙහි රසය යන හැඟීමද ලොකයෙහි ස්පර්ශය යන හැඟීමද ලොකයෙහි ධර්මය යන හැඟීමද ප්‍රියස්වභාව ඇත්තේය. සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි රූපයෙහි පැවති සිත ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලොකයෙහි ශබ්දයෙහි පැවති සිතද, ලොකයෙහි ගන්ධයෙහි පැවති සිතද, ලොකයෙහි රසයෙහි පැවති සිතද, ලොකයෙහි ස්පර්ශයෙහි පැවති සිතද, ලොකයෙහි ධර්මයෙහි පැවති සිතද ප්රිරයස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.
ලොකයෙහි රූප තණ්හාව (රූපයට ආශාව) ප්‍රිය ස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැතිවන්නාවූ මේ තණ්හාව මෙහි නැතිවන්නීය. ලොකයෙහි ශබ්ද තණ්හාවද (ශබ්දයට ආශාව) ලොකයෙහි ගන්ධ තණ්හාවද (සුවඳට ආශාව) ලොකයෙහි රස තණ්හාවද (රසයට ආශාව) ලොකයෙහි ස්පර්ශ තණ්හාවද (පහසට ආශාව) ලොකයෙහි ධර්ම තණ්හාවද (රූපාදියෙන් අන්යමදේට ආශාව) ප්රිසයස්වභාව ඇත්තේය. සැප ස්වභාව ඇත්තේය පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය, නැති වන්නාවූ මේ තණ්හාව මෙහි නැති වන්නීය.

ලොකයෙහි රූපය නිසා උපදින චෙතනාව (සිත මෙහෙය වන ස්වභාවය) ද, ලොකයෙහි ශබ්දය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි ගන්ධය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි රසය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි ස්පර්ශය නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ලොකයෙහි රූපාදි අරමුණු පසින් අනික් අරමුණක් නිසා උපදින චෙතනාව (සිත මෙහෙයවන ස්වභාවය) ද, ප්රිදයස්වභාව ඇත්තේය, සැපස්වභාව ඇත්තේය, පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය.

ලොකයෙහි රූපයෙහි පැවති විතර්කය ද, (කල්පනාවද) ලොකයෙහි ශබ්දයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ගන්ධයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි රසයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ස්පර්ශයෙහි පැවති කල්පනාවද, ලොකයෙහි ධර්මයෙහි පැවති කල්පනාවද, ප්රිලයස්වභාව ඇත්තේය සැපස්වභාව ඇත්තේය. පහවනු ලබන්නාවූ මේ තණ්හාව මෙහි පහවන්නීය. නැතිවන්නාවූ මේතණ්හාව මෙහි නැතිවන්නීය. මහණෙනි මෙය දුක්ඛ නිරොධ ආර්ය්ි ප සත්යතයයි කියනු ලැබේ.

XVIII මග්ග සච්ච නිද්දෙසෝ

§ 27.4 මහණෙනි, දුක්ඛ ගාමිණි ප්‍රතිපදා ආර්ය සත්‍ය නම් කවරේද?
මේ ආර්ය් අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කවරේද?
[i]. සත්යය ඇති සැටියෙන් දක්නා ප්‍රඥාවය,
[ii]. යහපත් වචනය, හෙවත් වාග් දුශ්චරිතයෙන් වැළකීමය,
[iii]. යහපත් කල්පනාවය, හෙවත් මනො දුශ්චරිතයෙන් වැළකීමය
[iv]. යහපත් කර්මාන්තය හෙවත් කාය දුශ්චරිතයෙන් වැළකීමය,
[v]. යහපත් ජීවිකාව හෙවත් දුශ්චරිතයෙන් වැළකුණ දිවි පැවැත්වීමය,
[vi]. යහපත් උත්සාහය හෙවත් අකුසල් නොකිරීමෙහිත් කුසල්කිරීමෙහිත් උත්සාහය,
[vii]. යහපත් සිහිය,
[viii]. යහපත් සමාධිය, යනුයි.

[i] මහණෙනි, යහපත් ප්‍රඥාව නම් කවරේද,
මහණෙනි, දුක පිළිබඳ  දැනීමක් වේද, දුකට හේතුව පිළිබඳ  දැනීමක් වේද, දුක නිරුද්ධ කිරීම පිළිබඳ දැනීමක් වේද, දුක් නැති කිරීමට පමුණුවන මාර්ගය පිළිබඳ දැනීමක් වේද, මහණෙනි, මේ සම්මා දිට්ඨිය (යහපත් ප්‍රඥාව) යයි කියනු ලැබේ.
[ii] මහණෙනි, සම්යක් සංකල්පය (යහපත් කල්පනාව) නම් කවරේද?
නෛෂ්ක්රම  (ගිහි සැප අත්හැරීමේ) සංකල්පනාවය, අව්යාපාද (තරහ නොගැනීමේ) සංකල්පනාවය, අවිහිංසා (හිංසා නොකිරීමේ) සංකල්පනාවය යන මේ  සම්‍යක් සංකල්ප (යහපත් කල්පනාව) යයිකියනු ලැබේ.
[iii] මහණෙනි, සම්‍යක් වචනය කවරේද?
බොරු කීමෙන් වැළකීමය, කේළාම් කීමෙන් වැළකීමය, රළු වචන කීමෙන් වැළකීමය, හිස් කථා කීමෙන් වැළකීමය, යන මේ සම්‍යක් වචනයයි කියනු ලැබේ.
[iv] මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කවරේද යත්?
සතුන් මැරීමෙන් වැළකීමය, අන්සතුවූ නුදුන්දෙය ගැනීමෙන් වැළකීමය, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීමය, යන මේ සම්යනක්කර්මාන්තයයි කියනු ලැබේ.
[v] මහණෙනි, සම්‍යක් ආජීවය නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි ආර්ය් කශ්රායවක තෙම වරද සහිතවූ ජීවත්වීම හැර නිවරදවූ අන්දමින් ජීවිකාව කෙරේද, මහණෙනි, මේ සම්යෙක් ආජීවයයි කියනුලැබේ.
[vi] මහණෙනි, සම්‍යක් ව්‍යායාමය  (යහපත් උත්සාහය) නම් කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුතෙම නූපන් අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවාද උත්සාහකෙරේද, වීර්ය ආරම්භ කෙරේද, සිත දැඩි කොට ඔසවයිද, බලවත්සේ උත්සාහ කෙරේද, උපන්නාවූ අකුසල ධර්මයන්ගේ දුරුකිරීම පිණිස කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් උත්සාහ කෙරේද, නූපන්කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවාද, වීර්යය පටන්ගනීද, සිත දැඩිකොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, උපන් කුසල ධර්මයන්ගේ පැවතීම පිණිසද, මුළා නොවීම පිණිසද වැඩීම පිණිසද, මහත්බව පිණිසද භාවනාවන් සම්පූර්ණ කිරීම පිණිසද කැමැත්ත උපදවාද, උත්සාහ කෙරේද, වීර්යය පටන්ගනීද, සිත දැඩි කොට ඔසවයිද, බලවත් ලෙස උත්සාහ කෙරේද, මහණෙනි, මෙය යහපත් උත්සාහයයි (සම්මා වායාමයයි) කියනු ලැබේ.
[vii] මහණෙනි, සම්‍යක් ස්මුර්තිය (යහපත් සිහිය) කවරේදයත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව මේ ශරීරයෙහි ශරීරය අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ ශරීර නම්වූ ලොකයෙහි ලොභයද ද්වෙේෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, විඳීම් කෙරෙහි විඳීම් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව නුවණින් යුක්තව සිහියෙන් යුක්තව මේ වේදනාස්කන්ධනම්වූ ලොකයෙහි ලොභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, සිතෙහි සිත අනුව දක්නේ කෙලෙසුන් තවන වීර්යය ඇතිව නුවණින් යුතුව සිහියෙන් යුක්තව මේ විඥානස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසය කෙරේද, ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව දක්නේ කෙලෙස් තවන වීර්යය ඇතිව සිහියෙන් යුක්තව නුවණින් යුක්තව මේ සංස්කාර ස්කන්ධ නම් ලෝකයෙහි ලෝභයද ද්වෙෂයද සංසිඳුවාගෙන වාසයකෙරේද මහණෙනි, මෙය සම්යසක් ස්මෘතියයි (යහපත් සිහියයයි) කියනු ලැබේ.
[viii] මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂුව පංචකාම ගුණයන්ගෙන් වෙන්වම අකුසලයන්ගෙන් දුරුව විතර්ක සහිතවූ, විචාර සහිතවූ විවේකයෙන් ඇතිවන ප්‍රීතිය හා සැප ඇත්තාවූ පළමුවන ධ්‍යානය ට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිත පහදවන්නාවූ සිත එකඟ කරන්නාවූ විතර්ක රහිතවූ විචාර රහිතවූ සමාධියෙන් උපන් ප්‍රීති සැප ඇත්තාවූ දෙවැනි ධ්‍යානය ට පැමිණ වාසය කරයිද, යම් ධ්‍යානය ක් පිළිබඳව ආර්ය් වශයෝ උපෙක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපයෙන් වාසය කෙරේයයි කියත්ද ප්‍රීතියෙ
න් යුක්ත වූයේ නුවණින් යුක්ත වූයේ සැපය කයින් විඳිමින් ඒ තුන්වැනි ධ්‍යානය ට පැමිණ වාසය කෙරේද, සුඛය පහ කිරීමෙන්ද දුඃඛය පහකිරීමෙන්ද සොම්නස් දොම්නස් දෙදෙනා දුරුකිරීමෙන් දුක්ද නොවූ, සැපද නොවූ, උපෙක්ෂාවගේද සිහියගේද පිරිසිදු භාවය ඇති සතරවන ධ්‍යානය ට පැමිණ වාසය කෙරේද මහණෙනි, මෙය සම්‍යක් සමාධියයි කියනු ලැබේ.

මහණෙනි, මෙය (දුක් නැතිකිරීම සඳහා පිළිපැදීම නම්වූ) දුඃඛ නිරොධ ගාමිනී ප්‍රතිපදා සත්‍යයයි කියනු ලැබේ.

මෙසේ තමන්තුළවූ (චතුරාර්‍ය සත්‍යය ) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. අනුන් පිළිබඳවූ (චතුරාර්‍ය සත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. තමන් පිළිබඳවූ හා අනුන් පිළිබඳවූ (චතුරාර්‍ය සත්‍යය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය සත්‍යය) ධර්මයන්ගේ ඇතිවීමට හේතුවූ (ප්රනත්යරය) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය. (චතුරාර්‍ය සත්‍යය ධර්මයන්ගේ) විනාශයට හේතුවූ (ප්රනත්යස) ධර්මයන් කෙරෙහි හෝ ධර්මයන් අනුව බලමින් වාසයකරන්නේය. කලෙක චතුරාර්‍ය සත්‍යය ධර්මයන්ගේ උත්පත්තියද කලෙක විනාශයද දක්නේ හෝ ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

ඒ භික්ෂුව (සත්වපුද්ගල නොව) චතුරාර්‍ය සත්‍යය ධර්මයෝ ඇත්තාහ යන එළඹ සිටි සිහිය ඇත්තේවෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිසද සිහියගේ වැඩීමපිණිසද පවතී. (ඒ භික්ෂුව) කෙලෙසුන් කරණ කොට කිසිවක් ආශ්රයය කොට නොගෙන වාසය කරන්නේය. ලෝකයෙහි කිසිවක් (ආත්මවශයෙන්) නොගනී. මහණෙනි, මෙසේ භික්ෂුව (චතුරාර්‍ය සත්‍යය ) ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව බලමින් වාසය කරන්නේය.

සච්චපබ්බං නිට්ඨිතං.
ධම්මානුපස්සනා නිට්ඨිතා.

§ 28. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම් මේ ජීවිතයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, සත්වර්ෂයක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ වඩන්නේ නම්, මේ ජීවිතයේදීම  රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, සාවුරුද්දක් කල් තිබියේවා යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, පස් වසක් කල් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සතර අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, සතර අවුරුද්දක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් බවට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, තුන් අවුරුද්දක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් අවුරුදු දෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, අවුරුදු දෙකක් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක් අවුරුද්දක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමී ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, එක් අවුරුද්දක් තිබේවා, මහණෙනි යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් මේ ජීවිතයේදීම රහත්ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, සත් මසක් කල් තිබේවා. මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් හය මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන මේ දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, හය මාසයක් තිබේවා, මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් පස්මසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, පස් මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් සාරමසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.
මහණෙනි, සාරමසක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් තුන්මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි වීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, තුන්මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතරසතිපට්ඨානයන් මාසදෙකක් මුළුල්ලෙහි මෙසේ භාවනාකරන්නේ නම් ඔහු විසින් මේ ආත්මයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිබවක් ඇතිකල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාරවූ ඵලයන් අතුරෙන් එක්තරා ඵලයක් කැමැති විය යුතුය. (ලැබිය යුතුය)

මහණෙනි, මාස දෙකක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨානයන් එක මාසයක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ජීවිතයේදීම රහත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, මාසයක් තිබේවා. මහණෙනි, යම් කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් පසළොස් දිනක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ජීවිතයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරිවීමක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

මහණෙනි, පසළොස් දිනක් තිබේවා, මහණෙනි, යම්කිසිවෙක් මේ සතර සතිපට්ඨාන ධර්මයන් සත් දවසක් මුළුල්ලෙහි මෙසේ භාවනා කරන්නේ නම් ඔහු විසින් මේ ජීවිතයේදීම අර්හත් ඵලයට පැමිණීම හෝ කෙලෙසුන්ගේ ඉතිරි බවක් ඇති කල්හි අනාගාමි ඵලයට පැමිණීම හෝ යන දෙයාකාර ඵලයන් අතුරෙන් එක්තරා ඵලයකට පැමිණීම සිදු වෙයි.

§ 29. මහණෙනි, රාගාදි කෙලෙස් නැතිව සත්වයන්ගේ පිරිසිදු වීම පිණිසද ශෝක පරිදෙව දුඃඛයන්ගේ දුරුකිරීම පිණිසද දුක් දොම්නස් නැතිකිරීම පිණිසද ආර්ය අෂ්ටාංගික මාර්ගයාගේ ලැබීම පිණිසද, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිසද ඇති  මේ සතර සතිපට්ඨාන ධර්මය ඒ සඳහා ඇති සෘජුම මාර්ගය වන්නේයයි මෙසේ යම් ඒ ධර්මයක් වදාරණ ලද්දේද මේ ධර්මය ඒ කාරණ පිණිස වදාරණ ලද්දේය.

§ 30. භාග්යවත්වූ බුදුරජාණන්වහන්සේ මේ සතරසතිපට්ඨාන සූත්ර ධර්ම දේශනාව මෙසේ දේශනා කොට වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්ය වතුන් වහන්සේගේ ධර්ම කථාව සතුටින් පිළිගත්හ.

දසවෙනිවූ සතිපට්ඨාන සූත්රරය නිමි.
මහා සතිපට්ඨාන සූත්රය නිමියේය.

සතිපට්ඨාන සුත්‍රය විස්තරාත්මක දේශනා

speaker

පුජ්‍ය මාන්කඩවල සුදස්සන මහා ස්වාමින් වහන්සේ
කල දේසනා 6 ක්


speaker පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ ගේ  දේශනා පෙළ

speaker  පුජ්‍ය උඩ ඊරියගම ධම්මජිව ස්වාමින්වහන්සේගේ දේශනා පෙළ

speaker පුජ්‍ය කෝට්ටේ දේවානන්ද ස්වාමින් වහන්සේ ගේ  දේශනා පෙළ

speaker ඒ ඩී එම බුද්ධදාස මහත්මා ගේ දේශනා පෙළ

 

මූල පරියාය වර්ගය නිමි

CLICK ABOVE TO READ THE ENGLISH VERSION

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.