MN 01-01-08- සල්ලේඛ සුත්‍රය

පාළි සුත්‍රය සජ්ජායනය කරනු අසන්න CLICK ARROW

Sallekha Sutta§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනාථ පිණ්ඩික සිටුහු විසින් කරවනලද ජේතවන නම් විහාරයෙහි වැඩ වාසය කරති.

§ 2. එකල්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ එක් සවස් කාලයෙක විවේක සුවයෙන් නැගීසිටියේ (තමන් පිවිස සිටි ධ්‍යානයෙන් මිදුනේ) භාග්යවතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමින වන්දනා කොට එකත්පසෙක හිඳ මෙසේ සැළ කෙළේය.

§ 3.“ස්වාමීනි, ආත්මවාදයෙන් යුක්තවූද (අත්තවාද පටිසංයුක්ත වාද ) ,ලෝක වාදයෙන් යුක්ත [ ලෝකය ගැන තිබු අට ආකාර වැරදි වාද :- MN 64 මාලුක්ය පුත්ත සුත්‍රය ,  MN 72 අග්ගි වච්චිගොත්ත සුත්‍රය කියවන්න ] වූද නොයෙක් ආකාරවූ  ඒ මිථ්යාදෘෂ්ටීහු (වැරදි දැකීම්) ලෝකයෙහි පවතියි. උපදියි.
ස්වාමීනි, භාවනා මාර්ගයට අළුතින්ම එළඹුණු මහණහට ඒ දෘෂ්ටීන්ගේ නැතිකිරීම වෙයිද?

ඒ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයිද?”

“චුන්දය, ආත්මවාදයෙන් යුක්තවූද ලොක වාදයෙන් යුක්තවූද නොයෙක් ආකාරවූ ඒ මිත්‍යා දෘහු ලොකයෙහි උපදිත්ද (උප්පජ්ජන්ති), පවතිත්ද (අනුස්සන්ති) යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ටිහු උපදිත්ද, යම් පඤ්චස්කන්ධයක මේ දෘෂ්ඨි ලැග ගෙන ඇත්ද එම පඤ්චස්කන්ධය “මම නොවෙමි, මාගේ නොවෙයි. මාගේ ආත්මය නොවෙයි”, කියා තතුසේ විමසුම් නුවණින් දක්නහුට මෙසේ මේ දෘෂ්ටීන් නැති වෙයි. මේ දෘෂ්ටීන්ගේ දුරලීම වෙයි.”

“ අට වැදෑරුම් ලාභීන්”

§ 4.“චුන්දය, මේ සාසනයෙහි යම් මහණෙක් කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සහිතවූ විචාර සහිතවූ විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට තමා අත්දකින ප්‍රීතිය සහ සැපය නිසා තමා සල්ලේඛයන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන යන සිතක් ඇති වන්නට පිළිවන.

එනමුත් චුන්දය, මේ ධ්‍යානයෝ ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මේ ධ්‍යානයෝ මෙම  ආර්ය ශාසනයෙහි (ඉහාත්ම භාව සුඛ විහරණ) මෙලොව දැන් ලබනා සැප සහිත විහරනයෝ යැයි කියනු ලැබෙත්.

§ 4.1. චුන්දය, මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති, හිතේ එකඟබව ඇති, විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද ඕහට තමා අත්දකින ප්‍රීතිය සහ සැපය නිසා තමන් සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන යන සිතක් ඇති වන්නට පිළිවන.

එනමුත් චුන්දය, මේ ධ්‍යානයෝ ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මේවා ආර්ය ශාසනයෙහි (ඉහාත්ම භාව සුඛ විහරණ) මෙලොව දැන් ලබනා සැප සහිත විහරනයෝ යැයි කියනු ලැබෙත්.

§ 4.2. චුන්දය, ඇතැම් මහණෙක් ප්‍රීතියෙහිද නොඇලීමෙන් උපෙක්ෂා ඇත්තේ, සිහියෙන් හා නුවණින් යුක්තවූයේ අප්‍රමාන වූ කායික සුවයක් විඳින්නේද, ආර්යයෝ එම තෘතීය ධ්‍යානය ධ්‍යානයක් උපෙක්ෂා ඇති, සිහි ඇති, සැප විහරණ ඇත්තේයයි කියත්ද, ඒ තෘතීය ධ්යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට තමා අත් දකින ප්‍රීතිය සහ සැපය නිසා තමා සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන යන සිතක් ඇති වන්නට පිළිවන.

එනමුත් චුන්දය, මේ ධ්‍යානයෝ ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මේවා ආර්ය ශාසනයෙහි (ඉහාත්ම භාව සුඛ විහරණ) මෙලොව දැන් ලබනා සැප සහිත විහරනයෝ යැයි කියනු ලැබෙත්.

§ 4.3. චුන්දය, ඇතැම් මහණෙක් සැපය දුරුකිරීමෙන්ද දුක දුරුකිරීමෙන්ද, පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැසීමෙන් නිදුක්වූ නොසැපවූ උපේක්ෂා ස්මෘති පිරිසිදු බව ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරන්නේද, ඕහට තමා අත් දකින ප්‍රීතිය සහ සැපය නිසා තමා සල්ලේඛයෙන් (කෙලෙස් කැපීමෙන්) යුක්තව වාසයකරමි යන යන සිතක් ඇති වන්නට පිළිවන.

එනමුත් චුන්දය, මේ ධ්‍යානයෝ ආර්ය ශාසනයෙහි සල්ලේඛයෝයි කියනු නොලැබෙත්. මේවා ආර්ය ශාසනයෙහි (ඉහාත්ම භාව සුඛ විහරණ) මෙලොව දැන් ලබනා සැප සහිත විහරනයෝ යැයි කියනු ලැබෙත්.

§ 4.4. චුන්දය, යම්කිසි මහණෙක් සියලු අයුරින් රූපසංඥාව ඉක්මවීමෙන්, පටිඝ (ගැටීම් නොහොත් ආරම්මණ හා ස්පර්ශවීමෙන් ඇතිවන) සංඥාව නැතිකිරීමෙන්, නානත්ත (විවිධ) සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාශය අනන්ත යයි ආකාසානඤ්චායතන ධ්‍යානයට එළඹ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. මම සල්ලේඛයෙන් වාසය කරමියි (කියායි) .

එනමුදු මේවා ද  ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මේවා ශාන්ත විහරණයෝ යයි කියනු ලැබෙත්.

§ 4.5. චුන්දය, යම්කිසි මහණෙක් සියලු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. මම සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි)

මොහු ආර්යශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මේවා ශාන්ත විහරණයෝ යයි කියනු ලැබෙත්. 

§ 4.6. චුන්දය, යම්කිසි මහණෙක් සියලු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන  ධ්‍යානයට පැමිණ වාසය කරයිද, ඕහට මෙසේ සිතක් වන්නේය. සල්ලෙඛයෙන් වාසය කරමි (කියායි)

චුන්දය, මේවා ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. මේවා ආර්ය ශාසනයෙහි ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.

§ 4.7. “චුන්දය, ඇතැම් මහණෙක් සියලු අයුරෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරන්නේද ඕහට මෙසේ සිතක් වන්නේය සල්ලෙඛයෙන් වාසය කරමියි (කියායි)

මොහු ආර්ය ශාසනයෙහි සල්ලෙඛයෝයි කියනු නොලැබෙත්. ආර්ය ශාසනයෙහිදී මේවා ශාන්ත විහරණයෝයයි කියනු ලැබෙත්.

සල්ලේඛ පරියාය

§ 5. “චුන්දය, මේ ශාසනයෙහි තොප විසින් සල්ලෙඛය (කෙලෙස් කැපීම) මෙසේ කට යුතුයි.

1. අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වෙති.
එනමුත්  අපි එලෙස සත්ව  හිංසා කරන්නෝ නොවෙමු”යයි සල්ලෙඛ කටයුතුයි.
2. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝය.

එනමුත් අපි ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ වන්නෙමු”යි සල්ලෙඛ කටයුතුයි.
3. අන්‍යයෝ නුදුන් දෙය ගන්නෝය.

එනමුත් අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමු”යි සල්ලෙඛ කටයුතුයි.
4. අන්‍යයෝ මෛථුන ධර්ම සංඛ්යාත ලාමක හැසිරීම් ඇත්තෝය.

අපි ඒ ලාමක හැසිරීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
5. අන්‍යයෝ බොරු කියන්නෝය.

එනමුත් අපි බොරු කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
6. අන්‍යයෝ කේලාම් කියන්නෝය.

එනමුත් අපි කේලාම් කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
7. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය.

අපි ඵරුෂ වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
8. අන්‍යයෝ හිස් වචන කියන්නෝය.

එනමුත් අපි හිස් වචන කීමෙන් වැළකුණෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
9. අන්‍යයෝ අධික ලොභ ඇත්තෝය.

එනමුත් අපි අධික ලොභ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
10. අන්‍යයෝ ව්‍යාපාද (අකමැති නුරුස්නා) සිත් ඇත්තෝය.

එනමුත් අපි අව්යාාපාද සිත් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුයි.
11. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝය.

එනමුත් අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
12. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය.

එනමුත් අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
13. අන්‍යයෝ වැරදි වචන දොඩන්නෝය.

එනමුත්  අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
14. අන්‍යයෝ වැරදි කර්මාන්ත කරන්නෝය.

එනමුත් අපි නිවැරදි කර්මාන්ත කරන්නෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
15. අන්‍යයෝ වැරදි දිවිපෙවෙත ඇත්තෝය.

එනමුත් අපි හරි දිවිපෙවෙත ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
16. අන්‍යයෝ වැරදි දෙයට උත්සාහ ඇත්තෝය.

අපි හරි දෙයට උත්සාහ ඇත්තෝ වන්නාහුයැයි  සල්ලේඛ  කටයුතුය.
17. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝය.

එනමුත් අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
18. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝය.

එනමුත් අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
19. අන්‍යයෝ වැරදි නුවණ ඇත්තෝය.

එනමුත් අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
20. අන්‍යයෝ වැරදි මිදීම් ඇත්තාහු වන්නාහුය.

අපි හරි මිදීම් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
21. අන්‍යයෝ ථිනමිද්ධයෙන් (චිත්ත චෛතසිකයන්ගේ මැලිකමින්) මඩනා ලද්දදෝය.

එනමුත් අපි ථිනමිද්ධ පහකර ඉන්නේමුයි සල්ලෙඛ කටයුතුය.
22. අන්‍යයෝ නොසන්සුන් වූවෝ වෙත්.

එනමුත් අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
23. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්තවූවෝ වන්නාහුය.

අපි දුරු කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
24. අන්‍යයෝ තරහවෙන් අමනාපයෙන් රත්වූවෝය. අපි අමනාපය තරහව රහිත වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
25. අන්‍යයෝ උපනාහයෙන් යුතුය. එනමුත් අපි උපනාහයෙන් තොර වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
26. අන්‍යයෝ ගුණමකුකමය.

එනමුත් අපි ගුණමකුකම නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
27. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝය 

අපි පලාස හෙවත් යුගග්රානහ නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
28. අන්‍යයෝ ඊර්ෂ්යා්ව ඇත්තෝය.

අපි ඊර්ෂ්‍යාව නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
29. අන්‍යයෝ මසුරු ගති ඇත්තෝය.

අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
30. අන්‍යයෝ කෛරාටික වන්නාහුය.

අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
31. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නහුය.

අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
32. අන්‍යයෝ තද සිත් ඇත්තෝය.

එනමුත් අපි තදසිත් ඇත්තෝ  නුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
33. අන්‍යයෝ අධිමාන ඇත්තෝ වන්නාහුය.

අපි අධි මාන නැත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
34. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය.

අපි කීකරුවූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
35. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝය.

එනමුත් අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
36. අන්‍යයෝ නිවන් මග ප්‍රමාද වූවෝය.

එනමුත් අපි ප්‍රමාදවූවෝ නොවන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
37. අන්‍යයෝ ශ්‍රද්ධා නැත්තෝය.

එනමුත් අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
38. අන්‍යයෝ පවට ලජ්ජා නැත්තෝය. 

එනමුත්අපි පවට ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
39. අන්ය යෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය.

අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
40. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝය.

එනමුත් අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
41. අන්‍යයෝ කුසීතය.

එනමුත් අපි පටන්ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
42. අන්‍යයෝ මුළාවූ සිහිය ඇත්තෝය.

අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
43. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ ය.

අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.
44. අන්‍යයෝ තමන්ගේ දෘෂ්ටියෙහිම අල්වා ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන්කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය.

අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටියෙන් පහසුවෙන් දුරු කළ හැක්කාහු වන්නෙමුයි සල්ලෙඛ කටයුතුය.

පරික්කමණ පරියාය
(කෙලෙස් ඉවත් කරන ක්‍රමය)

§ 6.. චුන්දය, කුශල ධර්මයන් කෙරෙහි නැමුණු සිතක් ඇතිකර ගැනීම පවා බොහෝ උපකාර ඇත්තේයයි මම කියමි. කයින් වචනයෙන් කරණු ලබන කල්හි කියනුම කවරේද? , චුන්දය එහෙයින්

1. අන්‍යයෝ සත්ත්ව හිංසා කරන්නෝ වන්නාහුය.
අපි සත්ව හිංසා නොකරන්නෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි.
2. අන්‍යයෝ ප්‍රාණඝාත කරන්නෝ වන්නාහුය.
අපි ප්‍රාණඝාතයෙන් වැළකුනෝ වන්නෙමුයයි සිත ඉපදවිය යුතුයි.
3. අන්‍යයෝ නුදුන්දෙය ගන්නෝ වන්නාහුය.
අපි නුදුන් දෙය ගැනීමෙන් වැළකුණෝ වන්නෙමුයි සිත ඉපදවිය යුතුයි.
4. අන්‍යයෝ මෛථුනධර්ම සංඛ්යාත ලාමක හැසිරීම් ඇත්තෝ වන්නාහුය.
අපි බ්‍රහ්මචාරී වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
5. අන්‍යයෝ බොරු කියන්නෝ වන්නාහුය.
අපි බොරු කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.

6. අන්‍යයෝ කේළාම් කියන්නෝ වන්නාහුය.
අපි කේළාම් කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
7. අන්‍යයෝ ඵරුෂ වචන කියන්නෝ වන්නාහුය.
අපි ඵරුෂ වචනයෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
8. අන්යෙයෝ හිස් වචන කියන්නෝ වන්නාහුය.
අපි හිස් වචන කීමෙන් වැළකුනෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
9. අන්‍යයෝ අධික ලොභය ඇත්තෝවන්නාහුය.
අපි අධික ලොභ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
10. අන්‍යයෝ ව්‍යාපාද (තරහ) සිත් ඇත්තෝ වන්නාහුය.
අපි අව්‍යාපාද (තරහ නොකැමති) සිත් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
11. අන්‍යයෝ වැරදි දැකීම් ඇත්තෝ වන්නාහුය.
අපි හරි දැකීම් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුයි.
12. අන්‍යයෝ වැරදි කල්පනා ඇත්තෝ වන්නාහුය.
අපි හරි කල්පනා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය.
13. අන්‍යයෝ වැරදි වචන ඇත්තෝ වන්නාහුය.
අපි හරි වචන ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
14. අන්‍යයෝ වැරදි කර්මාන්ත ඇත්තෝ වන්නාහුය.
අපි හරි කර්මාන්ත ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
15. අන්යපයෝ වැරදි ජීවිකා ඇත්තෝ වන්නාහුය.
අපි හරි ජීවිකා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
16. අන්‍යයෝ වැරදි ව්‍යායාම ඇත්තෝ වන්නාහුය.
අපි හරි වෑයම  ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
17. අන්‍යයෝ වැරදි සිහි ඇත්තෝ වන්නාහුය.
අපි හරි සිහිය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
18. අන්‍යයෝ වැරදි සමාධි ඇත්තෝ වන්නාහුය.
අපි හරි සමාධි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවි යුතුය.
19. අන්යපයෝ වැරදිනුවණ ඇත්තෝ වන්නාහුය.
අපි හරි නුවණ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
20. අන්‍යයෝ වැරදි විමුක්ති ඇත්තෝ වන්නාහුය.
අපි හරි විමුක්ති ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය,
21. අන්‍යයෝ ථීනමිද්ධයෙන් වඩනා ලද්දෝ වන්නාහුය.
අපි පහවූ ථීනමිද්ධ ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
22. අන්‍යයෝ නොසන්සුන් සිත් ඇත්තෝ වූවෝ වෙත්.
අපි සන්සුන් වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
23. අන්‍යයෝ විචිකිච්ඡාවෙන් (සැකයෙන්) යුක්ත වූවෝ වන්නාහුය. අපි බැහැර කළ විචිකිච්ඡා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
24. අන්‍යයෝ තරහවෙන් යුත් සිතින් ඉන්නාහුය.
අපි තරහ සිත්  රහිතවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
25. අන්‍යයෝ බද්ධවෛර ඇත්තෝ වන්නාහුය.
අපි බද්ධ වෛර නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
26. අන්‍යයෝ මකුගතිය ඇත්තෝ වන්නාහුය.
අපි මකු ගතිය නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
27. අන්‍යයෝ පලාස (පහත්ව සිටිමින් උසස් පුද්ගලයන් හා තමන් සමකර සිතීම) ඇත්තෝ වන්නාහුය.
අපි පලාස හෙවත් යුගග්රානහ නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
28. අන්‍යයෝ ඊර්ෂ්යා ඇත්තෝ වන්නාහුය.
අපි ඊර්ෂ්යා නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
29.අන්‍යයෝ
 මසුරු ගති ඇත්තෝ වන්නාහුය.
අපි මසුරු ගති නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
30. අන්‍යයෝ කෛරාටික වන්නාහුය.
අපි කෛරාටික නුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
31. අන්‍යයෝ රැවටිලි ඇත්තාහු වන්නාහුය.
අපි රැවටිලි නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
32. අන්‍යයෝ තද සිත් ඇත්තෝ වන්නාහුය.
අපි තද සිත් ඇත්තෝ නොවේ යැයි  
සිත් ඉපදවිය යුතුය.
33. අන්‍යයෝ අධිමාන ඇත්තෝ වන්නාහුය.
අපි මාන නැත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
34. අන්‍යයෝ අකීකරුවූවෝ වන්නාහුය.
අපි කීකරුවූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
35. අන්‍යයෝ පවිටු මිතුරන් ඇත්තෝ වන්නාහුය.
අපි යහපත් මිතුරන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
35. අන්‍යයෝ නිවන් මග  ප්‍රමාද වූවෝ වන්නාහුය.
අපි නිවන් මග 
ප්‍රමාද වූවෝ නොවන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
36. අන්‍යයෝ  ශ්‍රද්ධා නැත්තෝ වන්නාහුය.
අපි ශ්‍රද්ධා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
37. අන්‍යයෝ පාපයට ලජ්ජානැත්තෝ වන්නාහුය.
අපි පාපයට ලජ්ජා ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
38. අන්‍යයෝ පාපයෙහි භය නැත්තෝ වන්නාහුය.
අපි පාපයෙහි භය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවියයුතුය.
39. අන්‍යයෝ ඇසූ පිරූ තැන් නැත්තෝ වන්නාහුය.
අපි ඇසූ පිරූ තැන් ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
40. අන්‍යයෝ බ්‍රහ්මචර්යාවේ 
කුසීත වන්නාහුය.
අපි පටන් ගන්නාලද වීර්ය ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
41. අන්‍යයෝ මුළාවූ සිහි ඇත්තෝ වන්නාහුය.
අපි එළඹ සිටි සිහි ඇත්තෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
42. අන්‍යයෝ ප්‍රඥා නැත්තෝ වන්නාහුය.
අපි ප්‍රඥාවෙන් සම්පූර්ණ වූවෝ වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.
43. අන්‍යයෝ තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාහු එය තදින් අල්ලාගෙන සිටින්නාහු එයින් වෙන් කිරීම දුෂ්කර වූවාහු වන්නාහුය.
අපි තමන්ගේම දෘෂ්ටිය ගෙන නොසිටින්නාහු දෘෂ්ටිය තදින් අල්ලාගෙන නොසිටින්නාහු එම දෘෂ්ටිය පහසුවෙන් දුරුකළ හැක්කාහු වන්නෙමුයි සිත් ඉපදවිය යුතුය.

Pali Version

§ 7.. චුන්දය, කඳු දුර්ග ඇති විෂම මාර්ගයක් හා තැනිතලා වූ සම මාර්ගයක් යයි මාර්ග දෙකක් ඇත්තේ වී නම් මගියෙකු සුමට තැනිතලා මාර්ගය තෝරාගෙන ගමන් කරයිද එසේම චුන්දය, විෂමවූ තොටුපලක් නොව අන්ය සමවූ තොටක් පරිහරණ කරන්නෙක් සේ ඒ පහසු තොටුපොල පාවිච්චි කරන්නා සේද, චුන්දය, එපරිද්දෙන්ම

1. හිංසා කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස අවිහිංසාව ඇත්තේය.
2. ප්‍රාණඝාත කරන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ප්‍රානඝාත යෙන් 
වෙන්වීම ඇත්තේය.
3. නොදුන් දෙය පැහැර ගන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස නොදුන් දෙය නොගැනීමෙහි හැකියාව ඇත්තේය.
4. අබ්රහ්මචාරී පුද්ගලයාට එය දුරලීම පිණිස බ්රහ්මචරියාව ඇත්තේය.
5. බොරු කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස මුසාවාදයෙන් වැළකීම ඇත්තේය.
6. කේළාම් කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස කේළාම් කීමෙන් වැළකීම ඇත්තේය.
7. ඵරුෂ වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය.
8. හිස් වචන කියන්නාවූ පුද්ගලයාට එය දුරලීම පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය.
9. විෂම ලෝභ ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විෂම ලොභ රහිත බව ඇත්තේය.
10. ව්‍යාපාද  (ත
රහ සිත්) සිත් ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස අව්‍යාපාද  බව වෙයි.
11. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි දෘෂ්ටිය ඇත්තේය.
12. වැරදි කල්පනා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කල්පනාව ඇත්තේය.
13. වැරදි වචන ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි වචන ඇත්තේය.
14. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට එය දුරලීමට හරි කර්මාන්තය ඇත්තේය.
15. වැරදි ජීවිකා ඇති පුද්ගලයාට එය දුරලීමට හරි ජීවිකාව ඇත්තේය.
16. වැරදි වැයම 
ඇති පුද්ගලයාට එය දුරලීමට හරි වෑයම ඇත්තේය.
17. වැරදි සිහිය ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සිහිය ඇත්තේය.
18. වැරදි සමාධි ඇති පුද්ගලයාට එය දුරලීමට හරි සමාධිය ඇත්තේය.
19. වැරදි ඤාණ ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි ඤාණය ඇත්තේය.
20. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස හරි විමුක්තිය ඇත්තේය.
21. ථිනමිද්ධයෙන් වෙළුණු පුද්ගලයා එය දුරලීම පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය.
22. නොසංසුන්වූ පුද්ගලයාට එය දුරලීමට සන්සුන් බව ඇත්තේය.
23. විචිකිච්ඡා ඇති පුද්ගලයාට එය දුරලීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය.
24. තරහව ඇති පුද්ගලයාට එය දුරලීමට මෛත්රිය වෙයි.
25. උපනාහ බද්ධවෛර ඇති පුද්ගලයාට එය දුරලීමට බද්ධවෛර රහිත බව ඇත්තේය.
26. මකු ගුණ ඇති පුද්ගලයාට එය දුරලීමට මකු ගුණ නැති බව ඇත්තේය.
27. පලාස , 
යුගග්රාතහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට එය දුරලීමට යුගග්රාහ රහිත බව ඇත්තේය.
28. ඊර්ෂ්යා ඇති පුද්ගලයාට එය දුරලීමට ඊර්ෂ්යා රහිත බව ඇත්තේය.
29. මසුරුකම ඇති පුද්ගලයාට එය දුරලීමට නොමසුරු බව ඇත්තේය.
30. කයිරාටිකවූ පුද්ගලයාට එය දුරලීමට කයිරාටික නොවන බවඇත්තේය.
31. රැවටිලි ඇති පුද්ගලයාට එය දුරලීමට රැවටිලි නැති බව ඇත්තේය.
32. තද ගතිය ඇති පුද්ගලයාට එය දුරලීමට තද ගති රහිත බව ඇත්තේය.
33. අධිමාන ඇති පුද්ගලයාට එය දුරලීමට අධික මාන නැති බව ඇත්තේය,
34. අකීකරු පුද්ගලයාට එය දුරලීම පිණිස කීකරු බව ඇත්තේය.
35. පවිටු මිතුරන් ඇති පුද්ගලයාට එය දුරලීමට යහපත් මිතුරන් ඇති බව ඇත්තේය.
36. ප්‍රමාදවූ පුද්ගලයාට එය දුරලීමට අප්‍රමාදයඇත්තේය.
37. ශ්‍රද්ධාව නැති පුද්ගලයාට එය දුරලීමට ශ්‍රද්ධාව ඇත්තේය.
38. අකුසලයෙහි ලජ්ජානැති පුද්ගලයාට එය දුරලීමට ලජ්ජාව ඇත්තේය.
39. අකුසලයෙහි භය නැති පුද්ගලයාට එය දුරලීමට පාපයෙහි භය ඇත්තේය.
40. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට එය දුරලීම පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය.
41. කුසීත පුද්ගලයාට එය දුරලීමට නොපසුබට වීර්යය ඇත්තේය.
42. මුළාවූ සිහි ඇති පුද්ගලයාට එය දුරලීමට එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය.
43. ප්‍රඥාව නැති පුද්ගලයාට එය දුරලීමට ප්‍රඥාසම්පත්තිය ඇත්තේය.
44. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට එය දුරලීම පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.

 උපරිභාව පරියාය
(උසස් බවට යාමේ ක්‍රමය)

§ 8 . චුන්දය, යම්සේ යම්කිසි අකුසල ධර්මයෝ වෙත් නම් ඒ අකුසල සියල්ල, අපාය ආදී පහත් තැනට සත්වයා පමුණු වන්නාහු වෙත්ද, එසේම යම්කිසි කුසල ධර්මකෙනෙක් වෙත් නම් ඒ සියල්ල කෙනෙක් උසස් බවට පමුණුවන්නාහු වෙත්,

චුන්දය. එපරිද්දෙන්ම

1. විහිංසාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස අවිහිංසාව ඇත්තේය.
2. ප්‍රානඝාත කරන පුද්ගලයාට උසස් බවට පත්වීම පිණිස ප්‍රාණ ඝාතයෙන් වෙන්වීම ඇත්තේය.
3. නොදුන් දෙය ගන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස නොදුන් දෙය ගැනීමෙන් වැළකීම ඇත්තේය.
4. අබ්රයහ්මචාරී පුද්ගලයාට උසස් බව පිණිස බ්රහ්මචරියාව ඇත්තේය.
5. බොරු කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස මුසාවාදයෙන් වැළැක්ම ඇත්තේය.
6. කේළාම් කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස කේළාම් කීමෙන් වැළැක්ම ඇත්තේය.
7. ඵරුෂවචන කියන්නාවූ පුද්ගලයාට උසස්බව පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය.
8. හිස්වචන කියන්නාවූ පුද්ගලයාට උසස් බව පිණිස හිස් වචන කීමෙන් වෙන්වීම ඇත්තේය.
9. විෂම ලොභ බහුලවූ පුද්ගලයාට උසස් බව පිණිස විෂම ලොභ රහිත බව ඇත්තේය.
10. ව්යාහපාද සිත් ඇති පුද්ගලයාට උසස් බව පිණිස ව්යා්පාද රහිත බව වෙයි.
11. වැරදි දෘෂ්ටි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දෘෂ්ටිය ඇත්තේය.
12. වැරදි කල්පනා ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කල්පනාව ඇත්තේය.
13. වැරදි වචන ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි වචන ඇත්තේය.
14. වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි කර්මාන්තය ඇත්තේය.
15. වැරදි දිවි පැවැත්ම ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි දිවි පැවැත්ම ඇත්තේය.
16. වැරදි ව්යා යාම ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි ව්යාවයාමය ඇත්තේය.
17. වැරදි සිහිය ඇති පුද්ගලයාට උසස්බව පිණිස හරි සිහිය ඇත්තේය.
18. වැරදි සමාධි ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි සමාධිය ඇත්තේය.
19. වැරදි ඤාණ ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි ඤාණය ඇත්තේය.
20. වැරදි විමුක්ති ඇති පුද්ගලයාට උසස් බව පිණිස හරි විමුක්තිය ඇත්තේය.
21. ථීනමිද්ධයෙන් යුත් පුද්ගලයාට උසස් බව පිණිස ථිනමිද්ධ නැති බව ඇත්තේය.
22. නොසන්සුන් පුද්ගලයාට උසස් බව පිණිස සන්සුන්බව ඇත්තේය.
23. විචිකිච්ඡා ඇති පුද්ගලයාට උසස් බව පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය.
24.  අමනාපයෙන් අකමැත්තෙන් ඉන්නා 
පුද්ගලයාට උසස් බව පිණිස නොකැමැත්ත නැති බව වෙයි.
25. බද්ධවෛර ඇති පුද්ගලයාට උසස් බව පිණිස බද්ධවෛර රහිත බව ඇත්තේය.
26. මකු ගුණ ඇති පුද්ගලයාට උසස්බව පිණිස මකු ගුණ නැති බව ඇත්තේය.
27. යුගග්රාතහ (උතුමන් හා තමා සමයයි සැලකීම) ඇති පුද්ගලයාට උසස් බව පිණිස යුගග්රාකහ රහිත බව ඇත්තේය.
28. ඊර්ෂ්යාව ඇති පුද්ගලයාට උසස් බව පිණිස ඊර්ෂ්යා රහිත බව ඇත්තේය.
29. මසුරුකම ඇති පුද්ගලයාට උසස් බව පිණිස නොමසුරු බව ඇත්තේය.
30. කයිරාටිකවූ පුද්ගලයාට උසස් බව පිණිස කයිරාටික නොවන බව ඇත්තේය.
31. රැවටිලි ඇති පුද්ගලයාට උසස් බව පිණිස රැවටිලි නැති බව ඇත්තේය.
32. තදගතිය ඇති පුද්ගලයාට උසස් බව පිණිස තද ගති රහිත බව ඇත්තේය.
33. අධික මාන ඇති පුද්ගලයාට උසස් බව පිණිස අධික මාන නැති බව ඇත්තේය.
34. අකීකරු පුද්ගලයාට උසස් බව පිණිස කීකරුකම ඇත්තේය.
35. පවිටු මිතුරන් ඇති පුරුෂයාට උසස් බව පිණිස යහපත් මිතුරන් ඇතිබව ඇත්තේය.
36. ප්‍රමාදවූ පුද්ගලයාට උසස් බව පිණිස අප්‍රමාදය ඇත්තේය.
37. ශ්‍රද්ධාව නැති පුද්ගලයාට උසස් බව පිණිස ශ්‍රද්ධාව ඇත්තේය.
38. පවට ලජ්ජා නැති පුද්ගලයාට උසස් බව පිණිස පවට ලජ්ජාව ඇත්තේය.
39. පවට භය නැති පුද්ගලයාට උසස් බව පිණිස පාපයෙහි භය ඇත්තේය
40. ඇසූ පිරූ තැන් නැති පුද්ගලයාට උසස් බව පිණිස ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය.
41. කුසීත පුද්ගලයාට එය දුරලීමට වීර්ය පටන්ගැනීම ඇත්තේය.
42. මුළාවූ සිහි ඇති පුද්ගලයාට උසස් බව පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය.
43. ප්‍රඥා නැති පුද්ගලයාට උසස් බව පිණිස ප්රඥා සම්පත්තිය ඇත්තේය.
44. තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට උසස් බව පිණිස තමන්ගේම දෘෂ්ටිය නොගන්නා බව එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන නොසිටින බව එයින් වෙන් කිරීම පහසුබව ඇත්තේය.

§ 9 . චුන්දය, පුද්ගලයෙක් තමා ගැඹුරු මඩෙහි එරුණෙක්ව ගැඹුරු මඩෙහි එරුණාවූ අනිකෙකු ගොඩ ගන්නට නොයන්නේය. චුන්දය, පුද්ගල තෙමේ ඒකාන්තයෙන් තමා ගැඹුරු මඩෙහි නො එරුණේ නම් ගැඹුරු මඩෙහි එරුණු  වෙනෙකෙකු ගොඩගන්නේය. යන මේ කාරණය සිදුවන්නකි. චුන්දය, පුද්ගලතෙමේ තමා නොදැමුනේ නොහික්මුනේ කෙලෙස් නැති නොකළේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරන්නේය යන මේ කාරණය සිදු නොවන්නකි.  චුන්දය, පුද්ගල තෙමේ තමා දැමුනේ හික්මුනේ කෙලෙස් නැසුනේ අන්‍යයා දමනය කරන්නේය. හික්මවන්නේය. කෙලෙස් රහිත කරවන්නේය යන මේ කරුණ සිදුවන්නකි.

[අනුන්ගේ යහපත පිණිස නිවන් මග දැක්වීම පිණිස උපදෙස් දෙන්නට පෙර තමන් එසේ  එම තත්වයට පත්ව සිටිය යුතු බවක් මේ උපදේශයෙන් හැඟවේ.] 

පරිනිර්වාණ පරියාය
(කෙලෙස් නිවීමේ ක්‍රමය)

§ 10. චුන්දය, එපරිද්දෙන්ම

English Version

විහිංසාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අවිහිංසාව ඇත්තේය.
ප්‍රාණඝාත කරන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රාණඝාත නොකිරීම ඇත්තේය.  
නුදුන් දෙය ගන්නා පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම ඇත්තේය.
අබ්‍රහ්මචාරී පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බ්රහ්මචර්යාව ඇත්තේය.
බොරු කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොරු කීමෙන් වැළකීම ඇත්තේය.
කේලාම් කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කේළාම් කීමෙන් වෙන්වීම ඇත්තේය.
ඵරුෂ වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඵරුෂ වචනයෙන් වෙන්වීම ඇත්තේය.
හිස්වචන කියන පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හිස් වචනයෙන් වෙන්වීම ඇත්තේය.
අධික ලොභ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධික ලොභ නැති බව ඇත්තේය.
ව්‍යාපාද සිත් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අව්යාපාදය ඇත්තේය.
වැරදි දැකීම් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරිදැකීම් ඇත්තේය.
වැරදි කල්පනා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කල්පනාව ඇත්තේය.
වැරදි වචන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි වචනය ඇත්තේය.
වැරදි කර්මාන්ත ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි කර්මාන්තය ඇත්තේය.
වැරදි ජීවිකා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ජීවිකාව ඇත්තේය.
වැරදි ව්යායාම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි ව්යා්යාමය ඇත්තේය.
වැරදි සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සිහිය ඇත්තේය.
වැරදි සමාධි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි සමාධිය ඇත්තේය.
වැරදි නුවණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි නුවණ ඇත්තේය.
වැරදි විමුක්ති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස හරි විමුක්තිය ඇත්තේය.
ථීනමිද්ධයෙන් යට කරණලද පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ථීනමිද්ධ නැති බව ඇත්තේය.
නොසන්සුන් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස සන්සුන් බව ඇත්තේය. 
විචිකිච්ඡා ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස විචිකිච්ඡා නැති බව ඇත්තේය.
ක්රොධයෙන්, යුත් පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ක්රොධ නොකරන බව ඇත්තේය.

බද්ධවෛර ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බද්ධ වෛර නැති බව ඇත්තේය.
මකු ගුණ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මකුගුණ රහිත බව ඇත්තේය.
යුගග්රාහ ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යුගග්රාිහ රහිත බව ඇත්තේය.
ඊර්ෂ්යාව ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ඊර්ෂ්යාය රහිත බව ඇත්තේය.
මසුරුකම ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස මසුරු නොවන බව ඇත්තේය.
කයිරාටික පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කයිරාටික නොවන බව ඇත්තේය.
රැවටිලි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීමට නොරැවටිල්ල ඇත්තේය.
තද ගති ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස තද ගති නැතිබව ඇත්තේය.
අධිකමාන ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අධිකමාන නැති බව ඇත්තේය.
අකීකරු පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස කීකරු බව ඇත්තේය.
පාප මිත්රයන් ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස යහපත් මිතුරන් ඇති බව ඇත්තේය.
ප්‍රමාදවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස අප්‍රමාදය ඇත්තේය.
ශ්‍රද්ධාව නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ශ්රද්ධාව ඇත්තේය.
ලජ්ජා නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ලජ්ජාව ඇත්තේය.
පාපයෙහි භය නැත්තාවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස පාපයෙහි භය ඇත්තේය.
ඇසූපිරූ තැන් නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව ඇත්තේය.
කුසීත පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස වීර්ය පටන් ගැනීම ඇත්තේය.
මුළා සිහි ඇති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස එළඹ සිටි සිහි ඇති බව ඇත්තේය.
ප්‍රඥාව නැති පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස ප්‍රඥා සම්පත්තිය ඇත්තේය.
තමන්ගේම දෘෂ්ටිය ගෙන සිටින්නාවූ එම දෘෂ්ටියම තදින් අල්ලාගෙන සිටින්නාවූ එයින් වෙන් කිරීම දුෂ්කරවූ පුද්ගලයාට කෙලෙස් නිවීම පිණිස, තමන්ගේ දෘෂ්ටියම නොගන්නාවූ එය තදින් අල්ලානොගන්නාවූ සුවසේ දුරලිය හැකි දෘෂ්ටි ඇති බව එයින් වෙන්කිරීම පහසු බව ඇත්තේය.-

පරියාය (කෙලෙස් කපාදමන ක්‍රමය) දෙශනා කරන ලදී. පරික්කමණ පරියාය (කෙලෙස් ඉවත් කරන ක්‍රමය) දෙශනා කරන ලදී. උපරිභාව පරියාය (උසස් බවට යාමේ ක්‍රමය) දෙශනා කරන ලදී. පරිනිර්වාණ පරියාය (කෙලෙස් නිවීමේ ක්‍රමය) දෙශනා කරන ලදී.

“චුන්දය, ශ්‍රාවකයන්ට හිතෛෂීවූ අනුකම්පා කරන්නාවූ ශාස්තෲන්වහන්සේ විසින් අනුකම්පා සිතින් යම් කටයුත්තක් කලයුතු ද ඒ සියල්ල මා විසින් කරනලදී. චුන්දය, වෘක්ෂමූල, ආරණ්‍ය, සෙනාසන, ශුන්යාගාර ඇත්තාහ. , චුන්දය, ධ්යා‍න වඩව්. පමා නොවව්, පසුව විපිළිසර නොවව්. මේ තොපට අපගේ අනුශාසනාවයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාව සතුටින් පිළිගත්තේය.

පද සතළිස් සතරක් වදාරණ ලදී.
සන්ධි පසකින් යුක්තව දෙසන ලදී.
ගැඹුරුවූ සාගරය වැනිවූ මේ සූත්රාන්තය සල්ලෙඛ නම් වන්නේය.


අට වෙනිවූ සල්ලෙඛ සූත්රය නිමි

next Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.