SN 01.01- දෙවතා සංයූත්තය- නළ වර්‍ගය

SN01.01 නළ වර්‍ගය 

1. ඔඝ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය ආලෝකයෙන්බ බුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට ’’නිදුකානන් වහන්ස, කෙසේනම් ඔබ සංසාර ඕඝයෙන් එතෙර වූ වොදැයි  ’’ යි කීය. ( කාම ඕඝය [ පස් කම් සැප කෙරෙහි ඇති ඇල්ම ], භව ඕගය [රූප., අරූප ලෝක වල පවතින්නට කැමැත්ත ], දිට්ඨි ඕගය [දෙසැටක්ති  දෘෂ්ඨි වල ගැලී සිටීම ], අවිජ්ජා ඕගය [ චතුරාර්ය සත්‍යයන් ගැන නොදැන්ම] යන සතර ඕඝයන් විසින් සත්වයා වසාගෙන ඔවුනට නිර්වාණය නම් ක්ෂේම භූමියට යන්නට නොහැකි ලෙස ගිල්වා තබයි.)
’’ඇවැත්නි මම නතර නොවීද , අධි වීර්යයෙන් නොපිහිනාද  ඕඝයෙන්  එතර වූයෙමි.’’
[සැඩ පහරකින් එතෙර වන්නෙක් පිහිනමින් අඩිය තබා සිටගෙන සිටිය හැකි තැන් හමුවූ විට ඒවායේ සිටගෙන හති හැර නැවත වීර්යයෙන් වෙහෙසමින් දිය හරහා පීනමින් දිය තරණය කරයි. භාග්‍යවතුන් වහන්සේ එම උදාහරණයම ලෙස ගෙන මෙසේ පිළිතුරු දෙන්නේය ]
’’නිදුකානනි ඔබ කෙසේනම් නතර නොවී සිට,  නොපිහිනාම  මහා ඕඝය  තරණය කළෝද ?’’
’’ඇවැත්නි යම්විටක මම නතරව පිහිටා සිටින්නෙම්ද එකල ගිලා බසින්නෙමි. ඇවැත්නි යම් කලෙක මම පිහිනන්නේද එකල  සැඩ දියෙන්පා ගසා ගෙන  යන්නෙමි’’ යි ඇවැත්නි මෙසේ හෙයින්ව  මම නතරව  නොසිට නොපැද සංසාර ඕඝය තරණය කළෙමි.’’
[නතරව සිටීම යනු කාමාදී ක්ලේශයන්ට ඉඩ හැරීමය, තෘෂ්ණාවෙන් සහ අනෙක්කෙලෙසුන ගෙන් කිලිටි වුන විඥානය නතරවී සිටින්නාක් ලෙස දක්වනු ලැබේ. රහතුන් පිරිනිවන්නේ විඥානය  ක්ලේශයන් ගෙන් විනිර්මුක්තාවය. නොපිහිටාය.]  
’’පිහිටා සිටීමත් නොකොට පිහිනීමත්පැ  නොකොට ලෝකයෙහි තන්හාව එතර කළාවූ එහෙයින්ම කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ බ්‍රාහ්මණයෙකු (පව් නැසූ කෙනෙකු) බොහෝ කලෙකින් පසු දැක්කෙමි’’ යි මෙසේ ඒ දෙවිතෙම කීය. ශාස්තෘන් වහන්සේ එය අනුමත කළසේක. එකල  ඒ දෙවිතෙම ශාස්තෘාන් වහන්සේ මගේ වචනය අනුමත කළසේකැයි සතුටුව භාග්‍යවතුන්වහන්සේ පැදකුනුකොට වැඳ  එහිම අතුරුදහන්විය.

2. නිමොක්ඛ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටානන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම ’’නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්‍ය්‍ය මාර්‍ගය) පමෝක්ඛයත් (ආර්‍ය්‍ය ඵලය) විවේකයත් (නිර්‍වාණය) දන්නෝදැ ?’’ යි (ඇසීය)
’’ඇවැත්නි මම් වනාහි සත්ත්‍වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.’’
’’නිදුකාණනි, සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?’’
’’තණහාව මුල්කොට ඇති භවය සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්‍ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි’’ යි (භාග්‍යවතුන්වහන්සේ වදාළසේක,)
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )