සිංහල ත්‍රිපිටකය

 

අති උත්තම සිංහල මහා සංඝයා වහන්සේලා පරම්පරා 38 ක් පරම්පරාවෙන් පරම්පරාවට කට පාඩමෙන් රැකගෙන ආ බුද්ධ භාෂිත ත්‍රිපිටකය, මාතලේ අළුවිහාරයේදී    ග්‍රන්තාරුඩ  කරන ලද්දේය. මේ පුස්කොල ග්‍රන්ථ බොහෝ විහාර ස්ථානවලින් එකතුකොට බුරුමයේ සියමයේ සහ නොයෙක් මුලාශ්‍රවලින් එක කොට නැවත නිදොස් කොට 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් නිම කරන්නට විද්වත් උත්තම මහා ස්ථවිරයන් වහන්සේලා මඩුල්ලක් පත්කළේ ලංකා ආණ්ඩුව විසිනි. බුද්ධ ජයන්ති ත්‍රිපිටකය පාලි සහ සිංහල භාෂා  දෙකෙන්ම  සකස් විය.

එම ගාම්භීර පරිවර්තනය කියවා තේරුම් ගන්නට තරම් භාසා ඥානය නැති අය සඳහා ලිහිල් සිංහලෙන් මේ අන්තර් ජාල අඩවිය සකස් කරමි.  බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය, ඒ පී ඩි සොයිසා මහත්මා ගේ පරිවර්තනය, පුජ්‍ය ඥානමොලි හිමියන්ගේ සහ පුජ්‍ය බෝධි හිමියන්ගේ ඉංග්‍රීසි පරිවර්තන, රිස් ඩේවිස් මැතිනියගේ සහ  PTS පරිවර්තන උපයෝගී කරගෙන මේ වෙබ් අඩවිය සකස් කර ඇත. මෙහි ඇති සුත්‍ර පරිවර්තනවල වැරැද්දක් ඇත්නම් කරුණාවෙන් ඒ නිවැරදි කර ඒ නිවැරදි පිටපතක් මා වෙත එවන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ධර්මය විකෘති කරන පිරිස් බිහිව ඇති මේ යුගයේ ඉතා සැලකිල්ලෙන් ධර්මය කියවිය යුතු බව ඇසිය යුතු බව සිත් දරත්වා.

අවශ්‍ය කරන සුත්‍රය අඩංගු පිටකයේ නම ක්ලික් කර ඉන් පසු යොමුවෙන් අවශ්‍ය සුත්‍රයේ නම ක්ලික්  කරන්න.

මේ වෙබ් අඩවියට දැනට ඇතුලත්කර ඇත්තේ  සුත්‍ර ස්වල්පයක් බව සලකන්න. මජ්ජිම නිකාය මුල සිටම කියවා ඔබේ ප්‍රතිචාර දක්වන්නේ නම් කෘතඥ වෙමි.  පාළි සුත්‍රයේ යොමු සදහන් කර ඇති නිසා පාළි දත් පැවිදි උතුමන්ගේ ප්‍රතිචාර අගයමි. නිර්මල බුද්ධ භාෂිතය කිලිටි කරන්නට උත්සාහ කරන මිනිසුන් ඉන්නා මේ යුගයේ ඉතා පරීක්ෂාවෙන් පරිවර්තන කියවන්නට අවශ්‍යබව පෙනේ. මේ පරිවර්තන වල අඩු පාඩුවක් ඇතොත් කරුණාකර COMMENTS  හි ලියන්න

CLICK  BELOW  TO ACCESS

දීඝ නිකාය 
මජ්ජිම නිකාය
සංයුක්ත නිකාය
අංගුත්තර නිකාය
ඛුද්දක නිකාය

සුත්රාන්ත දෙසනා අසන්නට 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.