3- අකම්මනීය වර්ගය

3.1   අකම්මනීය සූත්‍රය.

“මහණෙනි, නොවඩනලද සිත, කිසිදු යහපත් ක්‍රියාවකට පාදක නොවේ. නොවඩනලද සිත  තරම් යහපත් ක්‍රියාවනට බාධාකරන  අනික් එකම කරුණකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ යහපත් කර්මයනට එය අවහිරයක්ම වේ.”

3.2    කම්මනීය සූත්‍රය.

“මහණෙනි, වඩනලද සිත සියලු  යහපත් ක්‍රියාවකට ම  පාදක වේ. වඩනලද සිත  තරම් යහපත් ක්‍රියාවනට ආධාර වන්නාවූ  අනික් එකම කරුණකුදු මම නොමදකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ නම් යහපත් කර්මයනටම  එය පාදක  වේ.”

3.3  මහානත්ථ සූත්‍රය.

“මහණෙනි, නොවඩන ලද සිත පුද්ගලයාගේ අනර්ථය පිණිස පවතී, යමෙකුගේ අනර්ථය පිණිස පවත්නාවූ එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවතී.”

3.4.  මහත්ථ සූත්‍රය.

“මහණෙනි, කෙනෙක් සිත වඩනලද්දේ නම්  එයම ඔහුගේ මහත්වූ අර්ථය පිණිස පවතී, වඩන ලද සිත තරම්, පුද්ගලයෙකුගේ දියුණුව අභිවුර්දිය පිණිස පවත්නාවූ එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, වඩනලද්දාවු සිත  මහත්වූ අර්ථය පිණිස පවතී.”

3.5  අපාතුභූත සූත්‍රය.

“මහණෙනි, නොවඩන ලද්දාවු හික්මවනු නොලද්දාවූ සිත මහත්වූ අනර්ථය පිණිස පවතී, (සසරෙහි ඔහුව ඔබ මොබ යැවීමෙහි සමත් වේ) නොවඩන ලද්දාවූ සිත තරම් කෙනෙකුගේ අනර්ථය පිණිස හෙතුවන්නාවූ, සසරෙහි බැඳ තබන්නට හෙතුවන්නාවූ  අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, නොවඩන ලද සිත මහත් අනර්ථය පිණිසම  පවතී.”

3.6    පාතුභූත සූත්‍රය.

“මහණෙනි, වඩන ලද සිත දේ සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවතී. වඩන ලද සිත තරම් කෙනෙකුගේ අර්ථය පිණිස හෙතුවන්නාවූ, සසරෙහි බන්ධන ලිහා දැමීමට ආධාර වන්නාවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ නම් එවන් සිත සංසාරයෙන් වෙන්වීම පිණිස පහළවන ලද්දේ මහත්වූ අර්ථය පිණිසම  පවතී.”

3.7   අබහුලීකත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේද , පුරුදු නොකරණ ලද්දේද,  එය ඔහුගේ  අනර්ථය පිණිස පවතී, පුද්ගලයෙකුගේ අනර්ථය පිණිස හේතුවන් සියල්ලෙන් , නොවඩන ලද සිත බඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේ නැවත නැවත පුරුදු නොකරණ ලද්දේ එය මහත් අනර්ථය පිණිස පවතී.”

3.8    බහුලීකත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේද  පුරුදු කරණ ලද්දේද එවන් සිත ඔහුගේ  මහත්වූ අර්ථය පිණිස පවතී, පුද්ගලයෙකුගේ දියුණුවට අභිවුර්දියට, වඩන ලද, පුරුදුකරණ ලද සිත බඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොමදකිමි. මහණෙනි, සිතවඩන ලද්දේද  පුරුදු කරණ ලද්දේද එයම මහත් අර්ථය පිණිස පවතී.”

3.9    දුක්ඛාවහචිත්ත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත නොවඩන ලද්දේද  පුරුදු නොකරණ ලද්දේද , එවන් සිත ඔහුට  දුක් පමුණුවන්නේ වේ. නොවඩන ලද පුරුදු නොකරා ලද සිත තරම්, ඔහුට දුක් ගෙනදීමෙහි හේතුවන  එබඳු වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත නොවඩන ලද්දේද  පුරුදු නොකරණ ලද්දේද එවන් සිතක්  දුක් පමුණුවන්නේ වේ.”

3.10       සුඛාවහචිත්ත සූත්‍රය.

“මහණෙනි, යම්සේ සිත වඩන ලද්දේද,  පුරුදු කරණ ලද්දේද, එවන් සිත ඔහුට  සැප පමුණුවන්නේ වේ, සසර සත්වයනට සැප පිණිස , වඩන ලද පුරුදු කරන ලද සිත තරම් වූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත වඩන ලද්දේ පුරුදු කරණ ලද්දේ සැප පමුණුවන්නේ වේ.”

තුන්වන වර්ගය නිමි

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )