77-මහා සකුළුදායි සුත්රය

CLICK HERE FOR ENGLISH VERSION

 1.මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර  ආසන්නයෙහි  කලන්දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ප්‍රසිද්ධ අනුරාගීය, වාරචරිය, සකුළුදායි වැනි බොහෝ  තීර්තක පරිභාජිකයෝ මෝර නිවාප නම් වූ ඔවුනගේ ආරාමයක වසති

දිනෙක උදය සමයෙහි  භාග්‍යවතුන් වහන්සේ හැද  පොරවා පාත්‍ර සිවුරු ගෙන පිණ්ඩපාතය පිණිස රජගහ නුවර දෙසට නික්මුනහ. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේට මෙසේ සිතක් පහල විය. පිණ්ඩපාතය සඳහා තව කල් ඇත.  සකලුදායිපිරි  වැඩියන් සමග කතා කරන්නට,  මෝර  නිවාපයටයන්නේ නම් යහපතක් වේය කියාය. මෙසේ අදහස් කල භාග්‍යවතුන් වහන්සේ බරිභ්රාජික ආරාමයට වැඩියේය.

2. එකල්හි සකුළුදායි පරිභ්‍රාජක  තෙමේ සිය සගයන් සමග එක්ව උස්  හඬින්  හා මහත් ගෝෂා නගමින් නොයෙක් අකාරයේ නිෂ්ඵල කථාවෙහි යෙදී උන්නේ වෙයි. (එනම් රජුන් පිලිබඳ  කථාය, මහා ඇමතියන් පිලිබඳ  කථාය, යුද්ධ සේණා පිලිබඳ  කථා, භය උපදවන පිලිබඳ  කථාය කන බොන දේ ගැන  කථාය, ඇඳුම් පැළදුම් ගැන කථාය, නින්ද පිලිබඳ  කථාය, සුවඳ විලවුන් පිලිබඳ  කථාය, මල් මාලා ගැන  කථාය, නෑදෑයන් පිලිබඳ  කථාය, යාන වාහන පිලිබඳ  කථාය, ගම් නියම් ගම් පිලිබඳ  කථාය, නගර පිලිබඳ  කථාය, ජනපද පිලිබඳ  කථාය, ගැහැණුන් පිලිබඳ  කථාය,  සූරයන් පිලිබඳ  කථාය, වීථි පිලිබඳ  කථාය, දිය තොටුපොළවල් පිලිබඳ  කථාය, පරලොව ගිය නෑසියන් පිලිබඳ  කථාය, ලෝකය පිලිබඳ කතාය, මහා මුහුද පිලිබඳ  කථාය,  වෙන දේවල් නොවෙන දේවල් පිලිබඳ  කථාය.)

3. සකුළුදායි තෙමේ දුර වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක සිය පිරිස සන්සුන් කරන්නට මෙසේ කියන්නේය. “පින්වත්නි නිශ්ශබ්දවවු! පින්වත්නි ගෝෂා නොකරවූ! ශ්‍රමණ භවත් ගෞතමයන් මේ දෙසට එන්නේය. ඒ ආයුෂ්මත් තෙමේ නිශ්ශබ්දවීම කැමැත්තේය. නිශ්ශබ්දවීමේ ගුණ කියන්නේය. නිශ්ශබ්ද තැනකට එන්නට කැමැත්ත ඇත්තේය. අප  ගෝෂා නොකර  සිටින්නේ  නම් මෙහි එන්නේහි”යයි කීය. ඒ ඇසු  පරිභ්රාජකයන් නිහඬ  වුහ. එසේ  වූ කල භාග්‍යවතුන්වහන්සේ සකුලු දායි බ්‍රාහ්මණය යම් තැනකද එතනට වැඩි සේක. එවිට  සකුලු දායි පරිබ්‍රාජිකයන් මෙසේ කීහ “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස මෙහි වඩින  සේක්වා  ඔබ වහන්සේ බොහෝ කලකට පසු මෙහි වැඩ ම වූ සේක්වේද ස්වාමිනි මේ ආසනයෙහි හිඳින සේක්වා කියමින් ආසන පිරිනැමුහ.

4. භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩ හුන්නෝය සකුළුදායි පරිබ්‍රාජකයන්  තෙමේද මිටි ආසනයක් ගෙන එක පැත්තකින් හුන්නේ,  භාග්‍යවතුන් වහන්සේ සකුළුදායි පරිබ්‍රාජකයන් ගෙන් මෙසේ ඇසු සේක. උදායිය දැන් කෙබඳු කතාවකින් යුක්තව හුන්නාවුද?  තොප විසින් කිනම් කතාවක් නවතා හරණ ලද්දේදැයි ඇසීය. එවිට සකුළුදායි පරිබ්‍රාජකයන් කියන්නේ,”ස්වාමිනී අප කරමින් සිටි කතාව තිබේවා  ඒ කතාවන් ඔබ වහන්සේට පසුව අසන්නට හැක.  ස්වාමිනි පසුගිය දින කුටාගාර ශාලාවෙහි රැස්වුණු නොයෙක් තීර්තක මහණ  බමුණන් අතර මෙබඳු කතාවක් ඇතිවිය.     

“පින්වත්නි, අගු මගද වැසියන්ට වුයේ ඒකාන්ත ලාභයෙකි  මනාකොට ලැබුණු ලාභයෙක. බොහෝ පිරිස් විසින් අදහන්නාවූ, බොහෝ  පිරිසට ආචාර්යවූ, ඉතා ප්‍රසිද්ධ වූ, යහපත් ඉගැන්වීමයි බොහෝ දෙනා අතර පිළිගැනීම් ඇත්තාවූ, බොහෝ මහන බමුණන්  රජ ගහ නුවර ට පැමිණ  වස් වසන්නේය. පුරාන කාශ්‍යපයන්ද, පකුධ  කච්චායනයන්ද, මක්කලි ගෝසාලයන්ද,

ගේ කෙනෙක් වන  බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය. බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය.  බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය.  බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය . අජිත කේස කම්බිලයන්ද බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය . සංජය බෙල්ලට්ට පුත්තයන්ද බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය .මේ ශ්‍රමණ භවත් ගෞතමයන් ද  බොහෝ යහපතැයි  සම්මතවූ කෙනෙක. ඔවුනට බොහෝ ශිෂ්‍යයන් වන්නේය බොහෝ අනුගාමිකයන් වන්නේය. හෙතෙම්ද වර්ෂා සෘතුවේදී රජගහ නුවර වස් වසන්නේය. සංඝයා ඇත්තාවූ පිරිවර ඇත්තාවූ ආචාර්යවූ ප්රිසිද්ධ වූ කීර්තිමත්වූ මේ මහන බමුණන්ගෙන් කවරෙක් සිය   ශ්‍රාවකයන්ගෙන්  සත්කාර ලබන්නේ වේදැයි කවරෙක් නම් ශ්‍රාවකයන් විසින් විසින් සත්කාරයෙන් ගෞරවයෙන් බුහුමනෙන් පුදන ලද්දේ වේද? කවරෙක් ආශ්‍රය කරමින් වසන්නේ වේදැයි කථාවක් ඇති විය.

එවිට සමහරෙක් මෙසේ කීහ මේ පුරාණ කාශ්‍යප බොහෝ පිරිස් විසින් අදහන්නාවූ, බොහෝ පිරිසට ආචාර්යවූ, ඉතා ප්‍රසිද්ධ වූ, යහපත් ඉගැන්වීමයි බොහෝ දෙනා අතර පිළිගැනීම් ඇත්තාවූ, බොහෝ පිරිවර ඇත්තාවූ, අනුගාමිකයන් ඇත්තාවූ, බොහෝ දෙනෙකුට ඇදුරු වූ කෙනෙක. එසේ වී මුත් ඔහුගේ ශ්‍රාවකයන් විසින් ඔහුට ගෞරව බුහුමන් නොකරන්නේය. ඔහුද සිය ශ්‍රාවකයනට නිසි සැලකිල්ලක් බුහුමනක් නොකරන්නේය. කෙසේද යත් වරෙක පුරන කාශ්‍යප ධර්මය දේශනාකරන සභාවකදී, ඔහු ගේ ශ්‍රාවකයෙක් නැගිට, සිය ගණනක් වූ සභාවට කියන්නේ, ‘පින්වත්නි මේ කාරණය ගැන පුරාන කාශ්‍යපයන්ගෙන් නොඅසන්න. මන්දයත් ඔහු මෙයට පිළිතුරු නොදන්නා නිසාය. නමුදු අපි මෙයට පිළිතුරු දනිමුව. එබැවින් මගෙන් අසත්වා” යි කීහ. එවිට පුරාන කස්සපයන් නැගී දෙඅත් ඔසවා කෑ ගසමින්, “පින්වත්නි, එසේ නොකරත්වා! මා ගුරුවරයා බැවින් මගෙන්ම අසත්වා. මමම පමණක් පිළිතුරු දන්නමෝ වේ” දැයි ගෝෂා කළේල. පුරාන කාශ්‍යප්යෝ සිය ශ්‍රාවකයන්ට කියන්නේ ” නුබලා මෙම ධර්ම විනය නොදන්නෙහිය. මම මෙම ධර්ම විනය මනාව දනිමි. නුබල එහි පිලිපදින්නේ වැරදියට නමුත් මම නිවැරදිව පිළිපදිමි. මම කියන්නේ කරුණු සහිතවය. නුබලා කියන්නේ කරුණු රහිතවය. නුබලා පසුව කිව යුත්ත පළමුව කියන්නෙහිය පළමුව කිවයුත්ත පසුව කියන්නෙහිය. මා කී ධර්මය නුබ කන පිට පෙරලා කියන්නෙහිය. නුබල මගේ ධර්මය අවුල් කරන්නේය කියමින් වාදය නගා ඉවත්ව ගියාහුය. එබැවින් මේ පුරාන කාශ්‍යපයන් සිය ශ්‍රාවකයන්ගේ ගෞරවයට, බුහුමනට පත් නොවන්නෙක. හේද ආක්රෝශයෙන් සිය ශ්‍රාවකයන් මඩිමින් සිය ශ්‍රාවකයන්ට ද පිහිට නොවන්නේයැයි (කෙනෙක් කීහ.)

ඇතැම්හු මෙසේ කීහ මේ මක්කලි ඝෝසාල තෙමේද, බොහෝ පිරිස් විසින් අදහන්නාවූ……..

ඇතැම්හු මෙසේ කීහ මේ අජිත කෙසකම්බිල  තෙමේද, බොහෝ පිරිස් විසින් අදහන්නාවූ

ඇතැම්හු ඇතැම්හු මෙසේ කීහ මේ පකුධ කච්චායන තෙමේද ……

ඇතැම්හු ඇතැම්හු මෙසේ කීහ මේ සංජය බෙල්ලට්ට පුත්ත තෙමේද ……

ඇතැම්හු ඇතැම්හු මෙසේ කීහ මේ නිගන්ට නාථපුත්ත තෙමේද, ……

ඇතැම්හු මෙසේ කීහ මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ද බොහෝ පිරිස් විසින් අදහන්නාවූ, බොහෝ පිරිසට ආචාර්යවූ, ඉතා ප්‍රසිද්ධ වූ, යහපත් ඉගැන්වීමයි බොහෝ දෙනා අතර පිළිගැනීම් ඇත්තාවූ, බොහෝ පිරිවර ඇත්තාවූ, අනුගාමිකයන් ඇත්තාවූ, බොහෝ දෙනෙකුට ඇදුරු වූ කෙනෙක. ශ්රාවකයන්ද ශ්‍රමණ භවත් ගෞතමයන්ට ගෞරව කරමින් ඇසුරු කරත්. පෙර වුවක් කියමි. ශ්‍රමණ භවත් ගෞතමයන යන් බොහෝ පිරිසක් අමතා ධර්ම දේශනා කරන විටෙක එහිවුන් ශ්‍රාවකයන් අතරෙන් කෙනෙක් උගුර පෑදුවේය. එකල්හි ඔහු ළඟ හුන් අනෙක් ශ්‍රාවකයෙක් ඔහුට කියන්නේ ආයුෂ්මතුනි ශබ්ද නොකරන්න අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක යම් කලෙක ශ්‍රමණ භවත් ගෞතමයන් නොයෙක් සිය ගණනක් පිරිසට ධර්මය දේශනා කරන සේක්ද එකල්හි ශ්‍රාවකයන් අතුරෙන් කිවිසීම් හඬක් උගුර පාදන හඬක් පමනුකුද නොමවේ. භාග්‍යවතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කෙරෙත්ද අපිදු එය අසන්නෙමු යැයි ජන සමුහයාද මහත් බලාපොරොත්තුවෙන් හිදී. යම්සේ යම් පුරුෂයෙක් සතර මන් සංදියක දුටුවාවූ දඩු වැල් මීයක මී මැස්සන් නැතිබව දැක පහසුවෙන් එය කඩා ගනීද මහා ජන සමුහයාද ශ්‍රමණ භවත් ගෞතමයන් කරන ධර්ම දෙසනා කිවිසුම් හඩක් පවා නොනගා අසන්නෝය ශ්‍රමණ භවත් ගෞතමයන් ගේ යක්  ශ්‍රාවකයෙක් යම් දොසක් නිසා ශික්ෂා ප්‍රත්‍යක්ෂණය කොට (උපසම්පදාවෙන් ඉවත්කොට) ගිහි බවට පත්ව සිටියේවීද ඔහු පවා සිය ශාස්තෘන් වහන්සේගේ ගුණ කියන්නෝ වෙති.  ධර්මයෙහි ගුණ  ගුණ කියන්නෝ වෙති. සංඝයාගේ  ගුණ කියන්නෝ වෙති. සිය අඩුව නිසා සසුනෙන් නෙරපුමට තමන්ම හේතු වීයැයි තමන්ටම ගර්හා කරගන්නේ, අහෝ මෙවන් වූ සාසනයක පැවිදිව බඹසර වඩන්නට අප පින් මද වුයෙම් යැයි, අවාසනාවන්ත වුයෙම්දැයි, ලතවෙන්නෝය. ඔවුහු ආරාමික වැ හෝ ගෘහස්ථව උපාසක පංච සීලය සමාදැන්ව පවතී. මෙපරිද්දෙන් ශ්‍රමණ භවත් ගෞතමයන් සියලු ශ්‍රාවකයන්ගෙන් ගෞරව ලබන්නේය බුහුමන් ලබන්නේය ශ්‍රාවකයෝද  ශ්‍රමණ භවත් ගෞතමයන්ට සත්කාර කරමින් ගරු බුහුමන් කරමින්  ශ්‍රමණ භවත් ගෞතමයන් ඇසුරුකොට වාසය කරන්නෝයි කීහ.

5. “උදායිය! කුමන කරුණක් නිසා මගේ ශ්‍රාවකයන් මා හට මෙසේ ගරු බුහුමන් කෙරෙමින්, මා ඇසුරු කරමින් වෙසෙත්‍ යැයි නුඹ හගින්නෙහි දැයි භාග්‍යවතුන් වහනසේ ඇසු කල සකුළුදායි පරිබ්‍රාජක තෙමේ කියන්නේ, “ස්වාමිනි, ඔබවහන්සේට එසේ ගෞරව කරන්නට බුහුමන් කරන්නට අසුරුකරමින් ඔබ වහන්සේ වෙත වසන්නට හේතුවන කාරනා පසක් මම දකිමි”යයි කීහ.

“කවර පසක්ද යත්, ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ස්වල්ප ආහාරයකින්ම යැපෙන්නේ වෙයි. ස්වල්ප ආහාරයෙන් යැපීමේ ගුණ කියන්නේ වෙයි. යම් කිසි ගුණයක් නිසා ඔබ වහන්සේට ශ්‍රාවකයන්  ගෞරව කරන්නේ වේද බුහුමන් කරන්නේ වේද යම් කිසි ගුණයක් නිසා ඔබවහන්සේ ඇසුරු කොට ඔවුන් වසන්නට කැමැත්තෙවේද, එම ගුණ අතර මෙය  පළමු වැන්නයැයි මම දකිමි.

නැවත අනෙකක් කියමි. ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස! ඔබවහන්සේ ඔබවහන්සේට ලැබෙන ඕනෑම ළාමක රළු සිවුරක් පවා  දරන්නට සතුටු වන්නෙහිය. එසේ ලැබෙන ඕනෑම සිවුරකින් යැපෙමින්, අල්පේච්චව වීසීමේ ගුණ කියන්නෙහිය. යම් කිසි ගුණයක් නිසා ඔබ වහන්සේට ශ්‍රාවකයන් ගෞරව කරන්නේවේද බුහුමන් කරන්නේ වේද. යම් කිසි ගුණයක් නිසා ඔබවහන්සේ ඇසුරු කොට ඔවුන් වසන්නට කැමැත්තෙ වේද, එම ගුණ අතර මෙය  දෙ වැන්න යයි මම දකිමි.

නැවත අනෙකක්  කියමි. ස්වාමිනී, භාග්‍යවතුන්වහන්ස! ඔබවහන්සේ ඔබවහන්සේට ලැබෙන  ඕනෑම  රළු නීරස ආහාරයක්‌  පවා  වළදන්නට සතුටු වන්නෙහිය. එසේ ලැබෙන ඕනෑම ආහාරයකින් යැපෙමින් අල්පේච්චව වීසීමේ ගුණ කියන්නෙහිය. යම් කිසි ගුණයක් නිසා ඔබ වහන්සේට ශ්‍රාවකයන් ගෞරව කරන්නේ වේද, බුහුමන් කරන්නේවේද, යම් කිසි ගුණයක් නිසා ඔබවහන්සේ ඇසුරු කොට ඔවුන් වසන්නට කැමැත්තෙ වේද, එම ගුණ අතර මෙය තෙවැන්න යයි මම දකිමි.

නැවත අනෙකක්  කියමි. ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ ඔබවහන්සේට ලැබෙන ඕනෑම දල කටුක සෙනසුනක පවා වසන්නට ඔබ වහන්සේ සතුටු වන්නෙහිය. එසේ ලැබෙන ඕනෑම සෙනසුනක විසීමේ,  අල්පේච්චව වීසීමේ, ගුණ කියන්නෙහිය. යම් කිසි ගුණයක් නිසා ඔබ වහන්සේට ශ්‍රාවකයන් ගෞරව කරන්නේ වේද, බුහුමන් කරන්නේවේද, යම් කිසි ගුණයක් නිසා ඔබවහන්සේ ඇසුරු කොට ඔවුන් වසන්නට කැමැත්තෙවේද, එම ගුණ අතර මෙය සිවුවැන්න යයි මම දකිමි

නැවත අනෙකක් කියමි. ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ හුදෙකළාව වසන්නට සතුටු  වන්නෙහිය. එසේ හුදෙකලාව විසීමේ ගුණ කියන්නෙහිය. යම් කිසි ගුණයක් නිසා ඔබ වහන්සේට ශ්‍රාවකයන් ගෞරව කරන්නේවේද, බුහුමන් කරන්නේවේද, යම්කිසි ගුණයක් නිසා ඔබවහන්සේ ඇසුරු කොට ඔවුන් වසන්නට කැමැත්තෙවේද, එම ගුණ අතර මෙය පස් වැන්න යයි මම දකිමි.

6. උදායිය, ශ්‍රමණ ගෞතම තෙමේ අල්ප ආහාරයෙන් යැපෙන්නේයැයි, අල්ප ආහාරයෙන් යැපීමේ ගුණ කියන්නේය, යන කාරණය නිසා මාගේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාහු නම්,  ගෞරව බුහුමන් කරන්නේවේනම්, පුජා කරන්නේ වේනම්, මා ඇසුරුකොට වසන්නේ වේනම්, උදායිය ඇතැම් මාගේ ශ්‍රාවකයෙක් එක් කුඩා බදුනක බතෙන් යැපෙන්නේ වෙයි. ඇතැම් ශ්රාවකයෙන් එබදු කෝප්පයක අඩකින් යැපෙන්නේ වෙයි. බෙලිගෙඩියක තරම කුඩාවූ අහරකින් යැපී බඹසර රකින්නෝ වෙයි .

උදායිය!  මම වනාහී සමහර දිනෙක මේ පාත්‍රයෙහි මුව විට තෙක් පුරා පිදුම් ලද ආහාරය වළදිමි. ශ්‍රමණ ගෞතම තෙමේ අල්ප ආහාරයෙන් යැපෙන්නේයැයි, අල්ප ආහාරයෙන් යැපීමේ ගුණ කියන්නේය, යන කාරණය නිසා මාගේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාහු නම්,  ගෞරව බුහුමන් කරන්නේවේනම්, පුජා කරන්නේවේනම්, මා ඇසුරුකොට වසන්නේවේනම්, උදායිය එසේ  එක් කුඩා බදුනක බතෙන් යැපෙන  මාගේ ශ්‍රාවකයෙක්,  එබදු කෝප්පයක අඩකින් යැපෙන මාගේ ශ්‍රාවකයෙක්, බෙලිගෙඩියක තරම කුඩාවූ අහරකින් යැපෙන මාගේ ශ්‍රාවකයෙක්, මට ගෞරව නොකරන්නේය. බුහුමන් නොකරන්නේය. සත්කාර නොකරන්නේය. පුජා නොකරන්නේය. මා ඇසුරුකොට නොවසන්නේය.

ඕනෑම  රළු දළවූ ගොරෝසු වූ සිවුරු පමණක් දරන හේතුවෙන් මාගේ ශ්‍රාවකයන් මට ගෞරව කරන්නේනම්,  බුහුමන්  කරන්නේනම්,  මා  ඇසුරු කොට ඔවුන් වසන්නේ නම්, උදායිය, මාගේ ඇතැම් ශ්‍රාවකයෙක් පාංශ කුලික සිවුරු පමණක ඉවසත්. ඔවුහු සොහොනෙහි දමා ගිය හෝ, කසල ගොඩකින් අසුලා ගත් පිළි එක්කොට නිමකරගත් සිවුරක්ම දරත්. උදායිය, මම වනාහි සමහර විටෙක දළවූ ගොරෝසු වූ සිවුරක් හදීමි. සමහර විටෙක යම් ගෘහපතියකු  පුජාකරනලද,  ලබු වැලෙහි කෙදී වැනි සියුම් නුලෙන් වියනලද  අගනා සිවුරක් හදීමි. ඉදින් රළු ළාමක  දළ  සිවුරු හදින හේතුවෙන් යන කාරණය නිසා මාගේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාහුනම්,  ගෞරව බුහුමන් කරන්නේවේනම්, පුජා කරන්නේවේනම්, මා ඇසුරුකොට වසන්නේ වේනම් , උදායිය, පාංශ කුලික සිවුරු පමණක ඉවසන,සොහොනෙහි දමා ගිය හෝ කසල ගොඩකින් අසුලාගත් පිළි එක්කොට නිමකරගත් සිවුරු හදින එබදු ශ්‍රාවකයන්  මට  ගෞරව නොකරන්නේය. බුහුමන් නොකරන්නේය. සත්කාර නොකරන්නේය. පුජා නොකරන්නේය. මා ඇසුරුකොට නොවසන්නේය .

ශ්‍රමණ ගෞතමයන් නීරස ආහාරයෙන් රළු ආහාරයෙන් යැපීම පවා ඉවසන්නේය යන හේතුවෙන් මගේ ශ්‍රාවකයන් මට  ගෞරව  කරන්නේ  නම්  බුහුමන්  කරන්නේනම්  මා  ඇසුරු කොට ඔවුන් වසන් නේ නම් උදායිය මාගේ ඇතැම් ශ්‍රාවකයෙක් උදායිය මාගේ සමහරක් ශ්රාවකයෙන් පින්ඩපාතිකව  ගෙපිළිවෙලින් සිගාලැබෙන ආහාරයෙන් පමණක්ම යැපෙති. ගෙතුලට වඩා හිදුවා දැන් වලදවන්නට කෙරෙන ගෘහපතිනගේ ආරාධනාවන් නොඉවසන්නෝ වෙති. උදායිය, මම වනාහි සමහර දිනෙක නොයෙක් සූප ව්‍යාංජන සහිතව ඇල්හාලේ බතින් යුතුව පිළියෙළ කල  රසවත් දානය ගෘහපතියන් නිවාස තුල  හිද  වළදමි.

උදායිය, රළු ආහාරයෙන් යැපීම පවා ඉවසන්නේය යන හේතුවෙන් මගේ ශ්‍රාවකයන් මට  ගෞරව  කරන්නේ  නම්,  බුහුමන්  කරන්නේනම්,  මා  ඇසුරු කොට ඔවුන් වසන් නේ නම් පින්ඩපාතිකව  ගෙපිළිවෙලින් සිගා ලැබෙන ආහාරයෙන් පමණක්ම  යැපෙන මගේ  එබදු ශ්‍රාවකයන් මට ගෞරව නොකරන්නේය බුහුමන් නොකරන්නේය සත්කාර නොකරන්නේය පුජා නොකරන්නේය මා ඇසුරුකොට නොවසන්නේය .

උදායිය.  ශ්‍රමණ භවත් ගෞතමයන්  ලැබෙන  ඕනෑම  දල  කටුක  සෙනසුනක  පවා  වසන්නට  සතුටු  වන්නෙහිය.  එසේ  ලැබෙන  ඕනෑම  සෙනසුනක  විසීමේ   අල්පේච්චව  වීසීමේ  ගුණ  කියන්නෙහිය යන හේතුවෙන්  මගේ ශ්‍රාවකයන් මට  ගෞරව  කරන්නේ  නම්,  බුහුමන්  කරන්නේ නම්  මා  ඇසුරු කොට ඔවුන් වසන්නේ නම් උදායිය මාගේ ඇතැම්  ශ්‍රාවකයෙක්  උදායිය මාගේ ඇතැම් ශ්‍රාවකයෙක් ගස් මුලක පමණක් වසන්නේ වෙයි. එළිමහන් බිමක පමණක් වසන්නේ වෙයි. ඇතැමෙක් අට මසකට වරෙකෙදු සෙවෙලිකල වහල ඇති තැනකට ඇතුළු නොවෙති. එහෙත් උදායිය, මම වනාහි සමහර විටෙක මදිනලද බිම් ඇත්තාවූ බදිනලද වියන් ඇත්තාවූ සීත සුළං ඇතුළු නොවනලෙස ජනෙල් දොර වසනාලද්දාවූ කුලුගෙවල වාසය කරමි. ලැබෙන  ඕනෑම  දල  කටුක  සෙනසුනක  පවා  වසන්නට  සතුටු  වන්නෙහිය.  එසේ  ලැබෙන  ඕනෑම  සෙනසුනක  විසීමේ අල්පේච්චව වීසීමේ ගුණ කියන්නෙහිය යන හේතුවෙන් මගේ ශ්‍රාවකයන් මට  ගෞරව කරන්නේ  නම්  බුහුමන්  කරන්නේනම්  ගස් මුලක පමණක්වසන  එළිමහන් බිමක පමණක් වසන  සේවෙලිකල වහල ඇති තැනක නොවසන මගේ එබදු ශ්‍රාවකයන් මට ගෞරව නොකරන්නේය බුහුමන් නොකරන්නේය සත්කාර නොකරන්නේය පුජා නොකරන්නේය මා ඇසුරුකොට නොවසන්නේය .

උදායිය හුදෙකලාව විසීමට කැමති හෙයින්, හුදෙකලාව විසීමේ ගුණ කියන හෙයින් යන හේතුවෙන් මගේ ශ්‍රාවකයන් මට  ගෞරව  කරන්නේ  නම්  බුහුමන්  කරන්නේනම්  මා  ඇසුරු කොට ඔවුන් වසන්නේ නම් උදායිය මාගේ ඇතැම් ශ්‍රාවකයෙක් වනයෙහි ඉතා ඈත ආරන්යයන්හි වසන සමහරක් මාගේ ශ්‍රාවකයන් ඇත්තේය. එම ශ්‍රාවකයන්  අඩ  මසකට වරක් පමණක් පොහොය කර්මය කිරීමට සංඝයා හමුවන්නට පැමිණෙත්

උදායිය මම වනාහි සමහර දිනෙක භික්ෂු භික්සුණී උපාසක උපාසිකා වන්ගෙන්  රජුගෙන් මහා ඇමතියන්ගෙන් තීර්තකයන්ගෙන් තීර්තක ශ්‍රාවකයන්ගෙන්  පිරිවරණ ලදුව වාසය කරමි  උදායිය ශ්‍රමණ භවත් ගෞතමයන්  හුදෙකලාව විසීමට කැමති හෙයින්, හුදෙකලාව විසීමේ ගුණ කියන වීසීමේ ගුණ කියන්නෙහිය යන හේතුවෙන් මගේ ශ්‍රාවකයන් මට  ගෞරව  කරන්නේ  නම්  බුහුමන්  කරන්නේනම් වනයෙහි ඉතා ඈත ආරන්යයන්හි වසන මාගේ ශ්‍රාවකයන් අඩ  මසකට වරක් පමණක් පොහොය කර්මය කිරීමට පමණක්  සංඝයා හමුවන්නට පැමිණෙන මගේ ශ්‍රාවකයන්  මට ගෞරව නොකරන්නේය බුහුමන් නොකරන්නේය සත්කාර නොකරන්නේය පුජා නොකරන්නේය මා ඇසුරුකොට නොවසන්නේය .

උදායිය තොප කියන ලද කාරනා පස හේතු කරගෙන මාගේ ශ්‍රාවකයන් මා හට සත්කාර නොකරත්. ගෞරව නොකරත් බුහුමන් නොකරත් නුපුදත් ඇසුරුකොට නොවසත්’


7. උදායිය , යමකින් මට ශ්‍රාවකයෝ සත්කාර කෙරේද ගෞරව කෙරේද බුහුමන් කෙරේද පුදත්ද, සත්කාර ගෞරවකොට ඇසුරුකොට වසත්ද, එයට හේතුවන අන්‍ය කාරනා පසක් වන්නේය කවර පසක්ද යත් , උදායිය මේ සාසනයෙහි ශ්‍රමණ තෙම, සීල ඇත්තේ උත්තමවූ සීල සමුහයෙන් යුක්ත වුයේයයි අධි සීලය කාරනා කොට ගෞරව කෙරෙත්. උදායිය ශ්‍රමණ ගෞතම තෙමේ සිල් ඇත්තේ, උත්තමවූ සීල සමුහයෙන් යුක්ත වුයේයයි මට අධි සීලය නිමිති කොට සම්භාවනා කෙරෙත්’  යන යමක් වේද, උදායිය මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞරව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ ඇසුරුකොට වසන්නාවූ පළමුවෙනි කාරණය වේ

 
8. උදායිය , නැවත අනිකක් කියමි. ශ්‍රමණ ගෞතම තෙම, දැනම දනිම් යැයි කිය යි, දැකම දකිම්යයි  කියයි. ශ්‍රමණ ගෞතම තෙම, මනා නුවනින් දැන ධර්මය දේශනා කරයි. හේතු රහිතව නොව කරුණු කාරනා සහිතවම ධර්මය දේශනා කරයි” යන දැනීම ප්‍රත්‍යක්ෂයෙන් දන්නා මගේ    ශ්‍රාවකයෝ මටම විශේෂවූ ඥාණය (සර්වඥ ඥාණය ) කරුණු කොට මට සත්කාර කෙරේ. ගෞරව කෙරේ. බුහුමන් කෙරේ.  පුද  සත්කාර ගෞරවකොට ඇසුරුකොට වසත්. මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞර්සව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ ඇසුරුකොට වසන්නාවූ දෙවැනි  කාරණය වේ 


9. උදායිය , නැවත අනිකක් කියමි. ශ්‍රමණ ගෞතම තෙම ප්‍රඥා ඇත්තේ උතුම්වූ සියලු ප්‍රඥාවෙන් යුක්ත වන්නේ වෙයි. මතු අනාගතයේදී හෝ වාදයට තර්කයට හේතුවන කාරනා කිසිවක් ධර්මයෙහි අඩංගු නොවන සේ නිරවද්‍යවම ධර්මය දෙසනා කරන්නට හැකි අධි ප්‍රඥාව ඇත්තේයයි මාගේ ශ්‍රාවකයා  මට  සත්කාර කෙරේ. ගෞරව කෙරේ. බුහුමන් කෙරේ. උදායිය මා ධර්මය දේශනා කරන කලෙක මගේ ශ්රාවකයෙන් අතුරු කතාවකින් හෝ මගේ දේශනාවට බාධා කල බවක් අසා ඇත්තේද . නැත ස්වාමිනි එසේ අසා නැත  උදායිය මම ධර්මය දෙසනා කරන්නේ සියලු ශ්‍රාවකයන්ට තේරුම් ගන්නා ලෙසය. නොඅවුලවා නිවැරදිව මාර්ගය හෙළි කරගන්න ලෙසය . මෙසේ  අපට ඉගැන්වීම කරන අපේ ශාස්තෘන්   අධි ප්‍රඥා ඇත්තේ උතුම්වූ සියලු ප්‍රඥාවෙන් යුක්ත වන්නේ යයි මාගේ ශ්‍රාවකයා  මට මට  සත්කාර කෙරේ. ගෞරව කෙරේ. බුහුමන් කෙරේ.   පුද  සත්කාර ගෞරවකොට ඇසුරුකොට වසත්. මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞර්සව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ ඇසුරුකොට වසන්නාවූ තෙවැනි  කාරණය වේ.


10. උදායිය , නැවත අනිකක්ද කියමි. මගේ ශ්‍රාවකයන් දුක දක්නා කල්හි, පැවැත්මෙන් පෙළුණු කල්හි, ඔවුන් මා  වෙත වුත්  සසරේ පැවැත්මේ  අසන්තෝසයට  හේතුව විමසත්. මා එවිට ඔවුනට දුක්ඛ ආර්ය සත්‍ය වටහා දෙමි. ඔවුනගේ ප්‍රශ්නය විසදීමෙන්, ඔවුන්  සිත සතුටු කරමි.  මෙම දුකට හේතුව කුමක්දැයි ඔවුන් විමසන කල මම ඔවුනට සමුදය ආර්ය සත්‍ය වටහා දෙමි.  ඔවුනගේ ප්‍රශ්නය විසදීමෙන් ඔවුන්  සිත සතුටු කරමි. දුක නැතිකිරීමක් ඇත්දැයි ඔවුන් අසනලදුව මම ඔවුනට දුක්ඛ නිරෝධ සත්‍ය ප්‍රකාශ කරමි. ඔවුනගේ ප්‍රශ්නය විසදීමෙන් ඔවුන්  සිත සතුටු කරමි. දුක නැතිකරගනීමේ ක්‍රමය කුමවේදැයි අසන ලදුව මම ඔවුනට දුක්ඛ ගාමිණී ආර්ය සත්‍ය ප්‍රකාශ කරමි. ඔවුනගේ ප්‍රශ්නය විසදීමෙන් ඔවුන්  සිත සතුටු කරමි. මේ ශ්‍රාවකයන් මට සත්කාර කරන්නාවූ ගෞර්සව කරන්නාවූ බුහුමන් කරන්නාවූ පුදන්නාවූ ඇසුරුකොට වසන්නාවූ සිවුවෙනි  කාරණය වේ 


11. උදායිය, නැවත අනිකක්ද කියමි. උදායිය, මාගේ ශ්‍රාවකයනට මම සතර විධ සතිපට්ඨානය වදාරමී.  කෙලෙස් තවන වීර්ය සහිතවූ, විමර්ශනා ඥානය වඩන්නාවූ, සිහිය පවත්වන්නාවූ, මේ සාසනයෙහි භික්ෂුව, ස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකොට, නොමනාපය දුරුකොට ශරීරයෙහි ශරීරය අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ විෂම ලෝකය කෙරෙහි තෘෂ්ණාව හෝ නොසතුට දුරුකොට වේදනාවන්හි වේදනාවන් බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ මනා දැනුම් ඇත්තේ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේ, මනා නුවනින් යුක්තවුයේ, සිහි ඇත්තේ,  ස්කන්ධ ලෝකයෙහි තෘෂ්ණාව දුරුකොට, ධර්මයෙහි ධර්මය අනුව බලමින් වාසය කෙරෙත්ද  ඒ සත සතිපට්ඨානය මාගේ බොහෝ ශ්‍රාවකයන්ට දැනීමේ කෙලවරවන අරහත්වයට පැමිණ වාසය කරත්.


13. උදායිය, නැවත අනිකක්ද කියමි.  උදායිය, මාගේ ශ්‍රාවකයනට මම සතර සම්‍යක් ප්‍රධාන වීර්ය[1] වදාරමි. සසර දුක දුරලනු කැමති මගේ ශ්‍රාවකයෝ එම සම්‍යක්  ප්‍රධාන වීර්ය වඩාත් කෙසේද යත්,  නුපන්නාවූ ලාමක අකුසල් ධර්මය  නුපැදවීමට කැමැත්ත ඇතිකර ගනී. උත්සාහය වඩයි. වීර්ය අරඹයි. සිත දැඩිකරගෙන අධිෂ්ඨාන කරයි.  උපන්නාවූ ලාමක අකුසල ධර්මයන් දුරු කරලීමට කැමැත්ත ඇතිකර ගනී. උත්සාහය වඩයි. වීර්ය අරඹයි. සිත දැඩිකරගෙන අධිෂ්ඨාන කරයි. නුපන්නාවූ කුසල ධර්මයන්   ඉපැදවීමට කැමැත්ත ඇතිකර ගනී. උත්සාහය වඩයි. වීර්ය අරඹයි. සිත දැඩිකරගෙන අධිෂ්ඨාන කරයි.  උපන්නාවූ කුසල ධර්මයන්ගේ නොනැසී  පැවැත්ම පිණිසද, වැඩීම පිණිසද, වර්ධනය  පිණිසද, කැමැත්ත ඇතිකර ගනී. උත්සාහය වඩයි. වීර්ය අරඹයි. සිත දැඩිකරගෙන අධිෂ්ඨාන කරයි.  එසේ සතර මහා වීර්ය වඩන මාගේ ශ්‍රාවකයෝ  අභිඥා වෝසන පාරමී සංක්‍යාත වූ, දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.


14. උදායිය, නැවත අනිකක්ද කියමි.  ප්‍රතිපදාවට පිළිපන් මාගේ ශ්‍රාවකයන්ට මම සතර සෘදධිපාදයන් වඩන්නට උපදේශයන් දෙන්නෙමි. උදායිය, මේ සාසනයෙහි භික්ෂුව චන්දය නිසාම ඇතිවූ සමාධියෙන් හා වීර්‍යයෙන් යුතුව සෘදධිපාදයන්   වඩයි වීර්‍යය නිසා පවත්නා සමාධි ප්‍රධාන  සන්ස්කාරයයන්ගෙන් යුක්තවූ  සෘදධිපාදයන් වඩයි චිත්ත සමාධි සංන්ස්කාරයන්ගෙන්  යුක්තවූ සෘදධිපාදයන් වඩයි. ඥානය නිසා පවත්නාවූ  සමාධියෙන් හා වීර්‍යයෙන් යුතුව  සෘදධි පාදයන්  වඩයි. ඒ සතර සෘදධි පාදයන්  වඩන මාගේ ශ්‍රාවකයා දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.


15. උදායිය, නැවත අනිකක්ද කියමි.  ප්‍රතිපදාවට පිළිපන් මාගේ ශ්‍රාවකයන්ට මම පංච ඉන්ද්‍රිය ඥාණ   වඩන්නට උපදේශයන් දෙන්නෙමි. උදායිය මේ සාශනයෙහි භික්ෂු තෙම ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ ශද්ධා ඉන්ද්‍රිය වඩත්ද,  ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ විරිය ඉන්ද්‍රිය වඩත්ද,  ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ ස්මුර්ති  ඉන්ද්‍රිය වඩත්ද,  සන්සිදීමට හෙතුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ සමාධි ඉන්ද්‍රිය වඩත්ද,  ක්ලේශයන් සන්සිදීමට හෙතුවන්නාවූ මාර්ග ඥාන අවබෝධයට පමුණුවන්නාවූ ප්‍රඥා ඉන්ද්‍රිය වඩත්ද. මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් වඩන මාගේ ශ්‍රාවකයෝ අභිඥා වෝසන පාරමී සංක්‍යාත වූ, දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.


16. උදායිය, නැවත අනිකක්ද කියමි.  ප්‍රතිපදාවට පිළිපන් මාගේ ශ්‍රාවකයන්ට මම පංච බලයන් වඩත්ද ඔවුනට ඒ පිණිස මම උපදෙස් දී ඇත්තෙමි . උදායිය මේ සාශනයෙහි භික්ෂු තෙම ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ ශද්ධා බලය  වඩත්ද, ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ විරියබලය වඩත්ද,  ක්ලේශයන් සන්සිදීමට  හේතු වන්නාවූ මාර්ග ඥාන අවබෝධයට උපකාර වන්නාවූ ස්මුර්ති බලය වඩත්ද,  සන්සිදීමට හෙතුවන්නාවූ සම්බෝධියට පමුණුවන්නාවූ සමාධි බලය වඩත්ද,  ක්ලේශයන් සන්සිදීමට හෙතුවන්නාවූ මාර්ග ඥාන අවබෝධයට පමුණුවන්නාවූ ප්‍රඥා බලය වඩත්ද. මේ පංච බලයන් වඩන මාගේ ශ්‍රාවකයෝ අභිඥා වෝසන පාරමී සංක්‍යාත වූ, දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.

17. උදායිය, නැවත අනිකක්ද කියමි. උදායිය, යම්සේ මාර්ගයට පිලිපන්නාවූ මාගේ ශ්‍රාවකයෝ සප්ත සම්බෝජ්ජන්ගයන් වඩත්ද,  මා විසින් ශ්‍රාවකයන්ට එම ප්‍රතිපදාව ප්‍රකාශකරන ලද්දේය. උදායිය, මෙම සාසනයෙහි භික්ෂු තෙම විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ප්‍රගුනකලාවූ, නිරෝධය අවබෝධකලාවූ, නිවනට සපැමිනවන්නාවූ,  සති සම්බෝජ්ජන්ගය වඩත්ද , විවේකය ඇසුරු කළාවූ, නොඇලීම ප්‍රගුනකලාවූ, නිරෝධය අවබෝධකලාවූ, නිවනට සපැමිනවන්නාවූ, ධම්මවිජය සම්බෝජ්ජන්ගය වඩත්ද, විවේකය ඇසුරුකළාවූ, නොඇලීම ප්‍රගුනකලාවූ, නිරෝධය අවබෝධකලාවූ නිවනට සපැමිනවන්නාවූ විරිය සම්බෝජ්ජන්ගය වඩත්ද, විවේකය ඇසුරු කළාවූ නොඇලීම ප්‍රගුනකලාවූ නිරෝධය අවබෝධකලාවූ, විරාගය පුහුනුකලාවූ,නිවනට සපැමිනවන්නාවූ ප්‍රීති සම්බෝජ්ජන්ගය වඩත්ද, විවේකය ඇසුරු කළාවූ නොඇලීම ප්‍රගුනකලාවූ නිරෝධය අවබෝධකලාවූ නිවනට සපැමිනවන්නාවූ පස්සද්ධි සම්බෝජ්ජන්ගය වඩත්ද , විවේකය ඇසුරු කළාවූ නොඇලීම ප්‍රගුනකලාවූ නිරෝධය අවබෝධකලාවූ නිවනට සපැමිනවන්නාවූ සමාධි සම්බෝජ්ජන්ගය වඩත්ද, විවේකය ඇසුරු කළාවූ නොඇලීම ප්‍රගුනකලාවූ නිරෝධය අවබෝධකලාවූ නිවනට සපැමිනවන්නාවූ උපේක්ඛා සම්බෝජ්ජන්ගය වඩත්ද, එසේ සප්ත සම්බෝජ්ජංග වඩන මාගේ ශ්‍රාවකයෝ අභිඥා වෝසන පාරමී සංක්‍යාත වූ, දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.

18.උදායිය, නැවත අනිකක්ද කියමි. උදායිය, යම්සේ  මාගේ ශ්‍රාවකයෝ අංග අටකින් යුක්තවූ  උත්තම වූ  ආර්ය මාර්ගයට පිලිපන්නාවූ එම අට අංගයන්  වඩත්ද  මා විසින් ශ්‍රාවකයන්ට එම ප්‍රතිපදාව ප්‍රකාශකරන ලද්දේය. උදායිය මෙම සාසනයෙහි භික්ෂු තෙම සම්‍යක් දෘෂ්ටිය වඩත්ද , සම්‍යක්  සංකල්පය වඩත්ද , සම්‍යක්  වචනය  වඩත්ද , සම්‍යක්  කර්මාන්තය වඩත්ද ,සම්‍යක් ආජීවය වඩත්ද ,සම්‍යක් වායාමය වඩත්ද , සම්‍යක්  ස්මුර්තිය  වඩත්ද , සම්‍යක් සමාධිය වඩත්ද , එයිනිදු මාගේ ශ්‍රාවකයෝ අභිඥා වෝසන පාරමී සංක්‍යාත වූ, දැනීමේ කෙලවර අග්‍ර ඵලය වූ, අරහත් ඵලයට පැමිණ වාසය කෙරෙත්.

19.උදායිය, නැවත අනිකක්ද කියමි.[1] උදායිය, මම මාගේ ශ්‍රාවකයන්ට අට වැදෑරුම් වූ නික්මීමේ මාර්ගයන් දේශනා  කරන  ලද්දේ වෙයි. උදායිය, යම්සේ  මාගේ ශ්‍රාවකයෝ සඥාව මනාව මනසිකාර කරමින්  බාහිර රූපය දකින්නේ, රූපය කොටස් වශයෙන්, ධාතු වශයෙන් දකියි.  දැන  ගනියි. දැකීමේ ස්පර්ශය වේදනාව නිසා රුපයේ සත්‍ය ස්වාභාවය දකියි. දැන  ගනියි. මෙය ප්‍රථම නිකමීම වෙයි.

බාහිර රූපයන් දකින්නේ  රූපයන් නිසා ඇතිවන “අසුභදෙය සුභයැ”යි ඇතිවන  චිත්ත විපල්ලාසයෙන්, මිදී බාහිර රූපයන් නිසා වන   අරමුණු, නොඇල්මෙන් දන්නේ, ඒවායේ යථා  ස්වභාවය හඳුනයි. මෙය දෙවැනි  මිදීමයි.

උදායිය,  මාගේ ශ්‍රාවකයන්  අරමුණු නිසා වන වේදනාවන්, “දුක්වූ දෙය සුඛ ලෙස”  දකිනා  විපල්ලසයෙන් තොරව හඟින්නේ, වේදනා වෙන් මිදුනේ වෙයි. මෙය තුන්වන මිදීමයි.

උදායිය,  මෙසේ රුපයෙන් මිදී, සඥාවෙන් මිදී, වේදනාවෙන් මිදී, අත්ත සඥාව[2] පහකළ මාගේ ශ්‍රාවකයන්, විඥානය  අනන්ත ආකාශය  පුරා සිටින්නේයැයි  දකින්නේ, ආකාසඥායතන  සමාපත්තියට වැද වාසය  කරයි.  මෙය සතරවන  මිදීමයි.

උදායිය, රූපය  තොරවුවද, වේදනාව තොරවුවද, සඥාව තොරවුවද, මෙසේ ආකාසය දකින විඥානය ඇත්තේ යැයි  දක්නා මගේ ශ්‍රාවකයා  විඥානායතන  සමාපත්තියට වැද  වාසය කරයි. මෙය පස්වැනි මිදීමයි.

උදායිය,  අනිත්‍යහි නිත්‍යබවක්  දක්නා විපල්ලසයෙන්ද මිදුණු මාගේ ශ්‍රාවකයා  විඥානායතනයද  ඉක්මවා, ආකිඥානායතන සමාපත්තියට පැමිණ වාසය කරයි.  මෙය සයවැනි මිදීමයි.

සියලු ආකාරයෙන්  ආකිඥානායතනයෙන්ද  මිදුණු මාගේ ශ්‍රාවකයා නේවසඥා-නාසඥායතන  සමාපත්තියට පැමිණ වාසය කරයි.  මෙය සත් වැනි මිදීමයි.

උදායිය,  සියලු ආකාරයෙන්  නේවසඥානාසඥායතන  සමාපත්තියද ඉක්මවා සඥාවෙන් තොරවූ, නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි.   මෙය අටවෙනි මිදීමයි.

එයිනිදූ වනාහි මාගේ බොහෝ ශ්‍රාවකයෝ සියලු  ක්ලේශයෙන් විනිර්මුක්තවූ, සියලු විපල්ලාසයෙන් මිදුනාවූ, සියලු දැනීමේ කෙලවරට පමුණුවන්නාවූ, අර්හත්වය ප්‍රත්‍යක්ෂ කරත්.


20. උදායිය, නැවත අනිකක්ද කියමි.


[1] Udàyi, I have declared to my disciples the method for developing the eight releases: Being matter, sees matter, this is the first release. [1] With internal immaterial perception sees external matter, this is the second release. Is released in only good, this is the third release. Overcoming all perceptions of matter and perceptions of anger, not attending to various perceptions, with space is boundless attains to the sphere of space. This is the fourth release. Overcoming all the sphere of space, with consciousness is boundless, attains to the sphere of consciousness, this is the fifth release. With there is nothing, abides in the sphere of no-thingness. This is the sixth release. Overcoming all the sphere of no-thingness abides in neither-perception-nor -non-perception. This is the seventh release. Overcoming all the sphere of neither-perception-nor-non-perception abides in the cessation of perceptions and feelings. This is the eighth release. Thus too my disciples abide aiming perfect knowledge for emancipation

[2] SELF; අත්ත = තමායයි අයෙක් පුද්ගලයෙක් ඉන්නවාය කියා ඇති හැගීම

.  


[1] In most canonical discourses these four bases of power are developed in tandem with “volitional formations of striving” (padhānasaṅkhāra).[6] For instance, in the “Concentration due to Desire” discourse (Chandasamādhi SuttaSN 51.13), it states:

“Bhikkhus, if a bhikhu gains concentration, gains one-pointedness of mind based upon desire, this is called concentration due to desire. He generates desire for the nonarising of unarisen evil unwholesome states; he makes an effort, arouses energy, applies his mind, and strives. He generates desire for the abandoning of arisen evil unwholesome states … for the arising of unarisen wholesome states … for the maintenance of arisen wholesome states …; he makes an effort, arouses energy, applies his mind and strives. These are called volitional formations of striving. Thus this desire and this concentration due to desire and these volitional formations of striving: this is called the basis for spiritual power that possesses concentration due to desire and volitional formations of striving.”[7]

>>>>UNDER CONSTRUCTION>>>>>>>

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )